රටේ යුද්ධය අවසන් කල නායකයා පරාජයට පත් කල ජනතාවගේ නාඩි තේරුම් ගන්න බෑ..!

0

රටේ දේශපාලකයින්ට එක නීතියකුත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක්ද ක්‍රියාත්මක වන බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

තලවකැලේ සුමන විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් අද (14) අමාත්‍යවරයා මේ බව පැවසු අතර රටේ නීතිය හෑල්ලුවට ලක් වී ඇති බවත් සඳහන් කර සිටියා.

ශ්‍රි ලංකාව වැනි සංවර්ධන වෙමින් පවතින රටක් තුල සැමට නිතිය එක හා සමානව ක්‍රියාත්මක කල යුතු බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

මේ රටේ යුද්ධය අවසන් කල නායකයා පරාජයට පත් කල ජනතාවක් සිටින රටක ජනතාවගේ නාඩි තේරුම් ගත නොහැකි බවද නවින් දිසානායක අමාත්‍යවරයා කියා සිටියා.

සාජු තිරණ ගන්නා සොරකම් නොකරන කෙලින් වැඩ කරන ඕනැම පාටක දේශපාලඥයින්ට තම සහයෝගය දක්වන ලෙසද අමාත්‍යවරයා මෙහිදි ඉල්ලා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ජන්ද දායකයාගේ සිතුම් පැතුම් තේරුම් හා ගැටලු තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් සමග තමන් සාකච්ඡා කර ජාතික සංවිධායක වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවද  අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.

තම මව් භාෂාවට අමතරව  මේ රටේ සැම සිසුවෙකුම තවත් භාෂාවක් දැනගත යුතු බවත් මේ රට තුල ඉංග්‍රිසි භාෂාව ඉගැන්විමට ගුරුවරුන් 6000 සිටියත් ඔවුනගේ සේවය නිසි ලෙස ඉටු කරනවාද යන්න ගැටලුවක් මතු වි ඇති  බවයි  අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.

Navin Dissanayake