ආණ්ඩුව හරියට බූරුවෝ ගහන තාත්තා ඉන්න ගෙදර වගේ … කරන්න බැරිනම් ජනතාවට පව් නොදී යන්න

5

ආණ්ඩුව හම්බ කරන්නේ නැතිව ජනතාවගේ අතේ තිබෙන මුදල් උදුරා ගනිමින් ආණ්ඩුව කරන්න හදන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පවසනවා.අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලාල් කාන්ත මේ බව කියා සිටියා.

“බදු බර ගැන, බඩු මිල ගැන අපේ රටේ ජනතාවට පැහැදිලි කළ යුතු නැහැ කියලා අපි හිතනවා. මොකද, ඔවුන් එදිනෙදා බඩු මිලදී ගන්නකොට ඔවුන්ගේ පර්ස් එකට ඒ බර දැනෙනවා. ඇමතිවරු ආර්ථිකය ගැන ලෙකු කතා කිව්වත් අගමැතිවරයා ආයෝජනය ගැන සංවර්ධනය ගැන පම්පෝරි ගැහුවත් බදු බර ගැන, බඩු මිල ගැන ජනතාවට හංගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ඒ බඩුමිල වැඩිවීම ගැන ලොකු පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ කියලා. එදිනෙදා ටූත් පේස්ට් එක, බ‍්‍රෂ් එක, සබන් කෑල්ල, රේසරය ගන්න ජනතාවට ඒ බර හොඳට දැනෙනවා. එනිසා ඒකට තිබෙන්නේ එක උත්තරයක් පමණයි. පොදුජන අරගලයක් තුළින් බදු බර අඩුකරගත යුතුයි. එසේ නැතිනම් මේ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කළ යුතුයි.”

“ආණ්ඩුව හම්බ කරන්නේ නැතිව ජනතාවගේ අතේ තිබෙන මුදල් උදුරා ගනිමින් ආණ්ඩුව කරන්න හදනවා. ඒක හරියට බූරු ගහන තාත්තා කෙනෙක් ගෙදර ඉන්නවා වගේ වැඩක්. බූරු ගහන්න සල්ලි නැතිවුනාම තමන්ගේ දරුවන් ළඟ තිබෙන මුදල් ටික, එහෙම නැත්නම් බිරිඳගේ රත්තරං බඩුටික හොරකම් කරන තාත්තා වගේ තමයි අපේ රටේ ආණ්ඩුවත්. ඒ නිසා මේ තාත්තාට මොකද කරන්නේ කියලා කල්පනා කරන්න ඕනෑ. සමහර ගෙවල්වලින් ඒ වගේ තාත්තලා එළවලා දානවා. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව මහ පාරේ වැඩබිමේ, අරගලයක් කරනවා හැර වෙන උත්තරයක් නැහැ.”

“ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි බදු බරට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කොට තිබෙනවා. එහි පළවැනි කි‍්‍රයාමාර්ගය ලෙස පා ගමනක් සහ උද්ඝෝෂණයක් ලබන 22වැනිදා කොළඹදී පවත්වනවා. මේ සඳහා අපි ජනතාවට විවෘත ආරාධනයක් කරනවා. මේක පක්‍ෂයක වැඩක් ලෙස ගන්න එපා. මේ සටනට ජනතාවට එකතු වුණොත් පමණයි ආණ්ඩුවට දැනෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවටත්, වෘත්තීය සමිති, ගොවි සමිති, ධීවර සමිති මෙන්ම තනි තනි පුද්ගලයින් ලෙස සහභාගි වෙන්න පුළුවන් සියලූ දෙනාටම අපි ආරාධනා කරනවා. ආණ්ඩුවට එරෙහිව දැවැන්ත සටනක් කළොත් පමණයි ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ.”

“මේ වෙනකොටත් ආණ්ඩුව, රනිල්ට බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. රනිල්ට පුළුවන් කිව්වා. රනිල් පිරිසුදුයි කිව්වා. එහෙම කියපු රනිල් තමයි මහ බැංකුවට වැඬේ දුන්නේ. ඒවා තමයි මේ ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ. අද රටේ අපනයන කඩා වැටිලා. ඒවාට වගකිව යුත්තේ ජනතාව නොවෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ අරගලයක් සඳහා ගොවි ජනතාව, ධීවර ජනතාව ඇතුළු සියලූම දෙනාට අපි ආරාධනය කරනවා. ඒ වගේම මේ ආණ්ඩුවට අපි කියනවා, ආණ්ඩුව කරන්න බැරිනම් ජනතාවට පව් නොදී යන්න කියලා.”

5 COMMENTS

  1. Ich nicht mehr sicher, positiv derr Ort Sie Informationen, aber good Thema.

    I muss einiger Zeiit Lernen viel mehr oder Verständnis mehr.

    Vielen Dannk für great info ich früher dies

    Infos für meine Mission.

  2. Hallo Es wurde gerade wachsam Blog über Google und fand, dass es es ist wirklich wirklich informativ.

    Ich werde aufpassen Brüssel. Ich werde dankbar, wenn Sie weiterhin diese künftig.

    Zahlreiche Menschen werden von Ihrem Schreiben profitiert werden.

    Cheers!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here