ආයෙත් පොදු අපේක්ෂයෙක්ට රට රැවටෙන්නේ නෑ….ඊලඟ ජනපති උගත් මිනිහෙක් විය යුතුමයි!

0

2020 ජනාධිපතිවරණයේ දි වඩා වැදගත් වන්නේ අධ්‍යාපන පසුබිමක් සහිත විදවතුන් සමඟ කටයුතු කළ හැකි අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාව දැඩිව පවතින බවත් ජනතාව තව දුරටත් පොදු අපේක්ෂකයෙකු කෙරෙහි විශ්වාසය නොතියන බවත් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඊයේ (15) කොළඹ මහාධිකරණ පරීශ්‍රයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ ඉදිරි මැතිවරණයකදි රටේ ප්‍රගතිශීලි ජනතාව සමඟ එක්වී ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කරන බව යි.

ශ්‍රිලංනීපයේ ප්‍රතිසංවිධාන කටයුතු අනුව මහලේකම්වරු ඉවත් කරන්න කියලා ඔබතුමාලා ඉල්ලනවා?

“ප්‍රතිසංවිධාන කටයුතු ප්‍රධාන කොටස් 2කට යටත් වෙනවා. එකක් තමයි පක්ෂයේ තනතුරු වල පූර්ණ ප්‍රතිසංවිධානයක් වෙන්නඕන . ඊලඟට පක්ෂය වහාම තීරණය කළ යුතුයි සම්මුති රජයෙන් ඉවත් වෙන්න. ඒ දෙක සිද්ධ වුනොත් තමයි ප්‍රතිසංවිධානයක් වෙන්න පුළුවන් වෙන්නේ.”

ශ්‍රිලංනීපයේ තවදුරටත් ඉන්නවා ද?

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඉන්නේ.

නමුත් එතුමා ඒකාබද්ධ විපක්ෂයට සහය දුන්නා ප්‍රාදේශිය සභා මැතිවරණයේදි?

“ඒත් එතුමා පක්ෂයි තුළ ඉන්නවානේ. ඒ ඉන්න විදියට අනිත් අයටත් ඉන්න පුළුවන් නේ.”

ජනාධිපතිවරණයේදි ඊළඟට මොනවගේ කෙනෙක් එන්න ඕන කියලද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ?

“පළවෙනි කාරණය වෘත්තීයභාවයක්, අධ්‍යාපන සුදුසුකමක්, විද්වතුන්ගේ සහයත් ලබා ගෙන මේක ගෙනියන්න පුළුවන් පුද්ගලයෙක් වුනොත් මේකෙදි හොඳයි….”

ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේද?

“නෑ මම විශේෂණය කරන්න යන්නේ නෑ කිසිම කෙනෙක් ව. මෙහිදි මම කියන්නේ දැනට පේන්න තියන විදියට නායකයින් අවස්ථානුකූලව බිහි වෙනවා. ඒ බිහිවීම අපි ජනතාවාදී විදියට හිතලා අපි බිහිවෙන තැනට කටයුතු කරමු.”

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම පොදු අපේක්ෂකයා විදියට මැතිවරණයට ඉදිරිපත් වුනොත් ඔහුට සහය දෙනවාද?

“එහෙම එනවා කියලා එතුමා ප්‍රකාශ කරලා නැහැ. එහෙම එනවා කියලා මම දැක්කා අපේ ලේකම්වරු බොහෝම ලාබාල ප්‍රකාශ කරලා තියනවා. එවැනි ප්‍රකාශ කරන්න කලින් රටේ වර්තමාන දේශපාලන තත්ත්වය, පහුගිය පළාත් පාලන මැතිවරණයේ ජනමතය මේ වගේ දේවල් විග්‍රහ කරගෙන එපැයි ප්‍රකාශ කරන්න. එහෙම ප්‍රකාශ කරන්න අවශ්‍ය නෑ. මගේ නම මතය ජනතාව දැන් යම් තක්සේරුවකට මේ අවුරුදු 3 1/2 ඇතුලේ ඇවිල්ලා තියනවා. ජනතාව නැවත වතාවක් පොදු අපේක්ෂකයෝ කෙරෙහි විශ්වාසය තියන එකක් නැහැ”

Susil Premajayantha

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here