යහපාලන ආණ්ඩුවක් හදලා එජාපය නැතිවෙලා තියෙන්නේ….පාරේ බැහැලා යන්න බෑ..!

0

එක්සත් ජාතික පසු පෙළ මන්ත්‍රි කණ්ඩායමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවසරය පිට ස්වාධීන වී පසු පෙළ සිට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසනවා.

අද (16) මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ඒ ඒ බව පවසා සිටියා.

“අපි යහපාලන අණ්ඩුව තුළ ඉඳලා එක්සත් ජාතික පක්ෂය නැති කරන වැඩ පිළිවෙළක් නිර්මාණය කරලා තියෙන්නේ. අපි පාර්ලිමේන්තුවට තේරි පත් වුණේ අපේ පළාත් වල ජනතාවගේ අවංක ඡන්දයෙන්. එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රිවරයෙක් විදියට දැඩි කළ කිරීමකින් ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රිවරයෙක් විදියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඒකාබද්ධ විපක්ෂයක් හදන්න් පුළුවන් නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරලා අද විපක්ෂයේ වාඩි වෙලා ඉන්න මන්ත්‍රී වරු 16ක් ඉන්නවා නම් අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් ඉල්ලනවා අපිටත් දෙන්න ස්වාධීන වෙලා පසු පෙළ වාඩි වෙලා කටයුතු කරන්න මොකද අපි ආණ්ඩුව හිටියට ආණ්ඩුවේ නෑ වගේ. තනි ආණ්ඩුවකට ගිහිල්ලා අපි බැනුම් ඇහුවට කමක් නෑ. අපි වැරදි කරලා බැනුම් ඇහුවට කමක් නෑ. අද අපි ආණ්ඩුවේ ඉඳගෙන හොද ටිකක් එහාට දීලා නරක ටික අපි අරගෙන අද වෙනකොට ගමේ පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. තීන්දුවක් අරගෙන අපි පසු පෙළේ ඉදලා අපිටත් මේ ආණ්ඩුව විවේචනය කරන්න අවස්ථාවක් අපිත් අරගන්නවා.” මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.