16 කල්ලිය සුදු වුනත් කළු වුනත් 2/3 නැති කරන්න අපිට වටිනවා…!

0

ආණ්ඩුවේ සිට විපක්ෂයේ අසුන් ගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු න් 16 දෙනා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට ඇති 2/3 බලය වෙනස් කිරීමට තීරණාත්මක සාධකයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සඳහන් කරනවා.

නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණය වෙත ඊයේ (16) පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තියන 2/3 බලායි නැති කිරීම ප්‍රධාන වැදගත් කාරණයක්. 2/3 බලය තිබුනොත් තමයි මේ ගොල්ලන්න්1 ඕන විදියට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කනපිට පෙරලන්න හදන්නේ. 16 නෙමෙයි තව 10ක් වත් මේ විපක්ෂයේ ඇවිල්ලා වාඩි කරවා ගන්න ඕන. 16 දෙනාගේ මූණු කළු ද, සුදු ද, කැත ද, කියන එක එක වගේ වෙන්න පුළුවන්. කොට වුනත්, කැත වුනත්, උස වුනත්, මිටි වුනත්, හොඳ වුනත් නරක වුනත් මේ ආණ්ඩුවේ 2/3 නැති කරන්න මේ 16 ඉතා වැදගත්.”

“ඒකාබද්ධ විපක්ෂයෙයි. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සන්ධානයෙයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා ගැන කිසිම මත භේදයක් නෑ. රටේ ජනතාවගේ පොදු මතයක් තියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුසුයි කියලා. ඒ මහජන මතය සැළකිල්ලට අරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සුදුසු තීරණය සුදුසු වෙලාවට ගනීවි. මුහුද 7 ගව්වක් එතෙර තියෙද්දි අමුඩය ගහගන්න කිසි අවශ්‍යතාවයක් නෑ.” මන්ත්‍රීවරයා පවසා සිටියා.

Wimal Weerawansa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here