නඩුත් හාමුදුරුවන්ගේ….., බඩුත් හාමුදුරුවන්ගේ….!

0

පොලිසිය හා ආරක්ෂක අංශ බලා සිටියදි ඇතිවු මහනුවර සිදුවිම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය තමාගෙන ප්‍රකාශ ලබා ගැනීම පුදුමයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම සඳහන් කරනවා.

ඊයේ (17) ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබි මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

“පාර්ලිමේන්තුවේදි රාවුෆ් හකීම් ඇමතිතුමා මහනුවර ඇති වෙච්ච තත්ත්වය සමනය කරන්න මැදිහත් වෙච්ච මන්ත්‍රිවරයා මමයි කියලා එතුමා පිළිගත්තා. ත්‍රස්ත විමර්ශනය අංශයට ප්‍රකාශයක් ගන්න යනකොට එතුමා සඳහන් කළා ප්‍රකාශයට මගේ නම සටහන් කරන්න ඕන නම් මගෙන් ප්‍රකාශයක් ගන්න කියලා කියන්න, මම ඒ අයට පැහැදිළි කරන්නම් ඔබතුමා අපිට කොච්චර උදව් කළාද කියන එක ගැන කාරණය. මම ඒක සටහන් කරලත් තියනවා. අපි ලඟ ඡායාරූප තියනවා නිල ඇදුම ඇදලා පල්ලියේ දොර ඇරලා දෙනවා ඇතුලට ගිහිල්ලා ගහන්න. මේවා අපි කියන්න හොඳ නෑ. හැබැයි කියන්න වෙලා තියනවා. ඉතින් අපිට මෙහෙම කරනකොට මේවා නොකියා ඉන්න පුළුවන් ද? බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ ඒකයි කියන්න තියෙන්නේ.” මන්ත්‍රිවරයා සඳහන් කළා.