ජනතාව ජීවන වියදම් ගින්නෙන් දැවෙනවා…, ආර්ථිකය ගිනි මැලයක් වෙලා…2020 වෙනකම් ඉවසන්න බෑ!

0

ජනතාවගේ ජීවන වියදම දැරිය නොහැකි ලෙස ඉහළ යාමත්, ආණ්ඩුවේ පවතින දුර්වල ආර්ථික කළමණාකරණයත් නිසා 2020 වෙන තෙක් මෙම ආණ්ඩුවට පැවතීමට ඉඩ ලබා දිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර පවසනවා.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“ජනතාව ජීවන වියදම් ගින්නකින් දැවෙමින් ඉන්නේ. එන්න එන්න ආර්ථිකය ගිනි මැලේකටයි වැටෙන්නේ. 2020 වෙනක්ම් ඉන්න බෑ. ජනතාව ඒ නිසා විරෝධතා ක්‍රියාවලියකට ගෙනියන්න අපි සුදානම් වෙනවා. කළු කොඩි දැමීම, කළු ඇදුම් පැළදීම, ජය ඝෝෂා නැගීම වගේ විවිධාකාරයේ විරෝධය පෑම් අපි සංවිධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් විරෝධය යනවා. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ ව්‍යපරියාසයක් වෙනවා.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

Vasudeva Nanayakkara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here