ජාති සංහාරය උතුරේ මහත් හරසරින් සැමරේ!

0

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් පැවැත්වෙන ප්‍රධාන සැමරුම් වැඩසටහන  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් විසින් සැමරුම් පහන දැල්වීමෙන් අනතුරුව අද (18) උදෑසන 11.00 පමණ ආරම්භ වුණා.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් මුලතිව් නගරයේ කඩ සාප්පු වසා දමා තම ශෝකය පෙන්වා ඇති අතර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් විසින් ඊයේ කළ ඉල්ලීමකට අනුව අද දිනයේ දී  සියලූම පාසල්වල පළාත් කොඩිය අඩකුඹු කර තිබූණි.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකිරීම සඳහා අද උදෑසන යතුරුපැදි මත නැගී ජනාතාව දැනුවත් කරමින් පෙළපාලියකින්  ගමන් කළ බවත් වාර්තාවෙනවා. එම පෙළපාලිය පලාලි ප්‍රදේශයෙන් ආරම්භ කොට චාවාකච්චේරිය නගරය හරහා මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ප්‍රධාන සැමරුම් වැඩසටහන පැවැත් වෙන ස්ථානය වෙතට ගමන් කළා.