ජාති භේදයක් නෑ…යුද්ධයේදි මිය ගිය රණවිරුවන් සමරන්න!

0

උතුරේ ජනතාව මියගිය එල්ටීටීඊ සාමාජිකයන් පමණක් සැමරීමට කටයුතු කිරීමේදි යුද්ධයෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ සියලුම රණවිරුවන් වෙනුවෙන් මැයි මස 19 වැනිදාට පහනක් දැල්වීමට කටයුතු කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටිනවා.

පසුගියදා කඩුවෙළ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“දේශපාලන නායකත්වය මෙන්ම රණවිරුවන්ගේ කැපවීම නොවන්නට අපට යුද්ධය අවසන් කරන්නට නොහැකි වෙනවා. ඒ නිසා යුද්ධයෙන් අත් පා ශරීරයේ කොටස් අහිමි කර ගනිමින් අපේ අද දවස වෙනුවෙන් ජීවිත කැප කළ සහ ආබාධිත තත්ත්වයේ පසුවන සියලු දෙනාට පින් පතා සහ ආශිර්වාද පතා මැයි 18 වැනිදාට පහනක් දැල්වීම අපගේ වගකීමක් සහ යුතුකමක්. එසේ නොවුණහොත් එය අප විසින් අපටම කර ගන්නා අවමානයක්.”

“අපි රණවිරුවන් වෙනුවෙන් හදපු තවමත් වැඩ අවසන් නොමැති සඳ හිරු සෑය චෛත්‍යයේ වැඩ අවසන් කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එයට මුල් වුණේ කවුරුදැයි සිතන්න එපා. එහි වැඩ අවසන් කර ජනාධිපතිවරයා සහ සේනාධිනායකයා ලෙස ඔබතුමාම විවෘත කරන්න. ඒ පිළිබඳව ගැටලුවක් අපට නැහැ.”

“මේ විධියට බදු බර වැඩි කරමින් ජනතාව පීඩනයට පත් කරන යුගයක් බිහිවෙලා නැහැ. අද වන විට රට පත්වෙලා තියෙන තත්ත්වය සහ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ඔවුන් පත් වෙලා තියෙන ඉරණම පිළිබඳව අපි හොඳ අවබෝධයකින් ඉන්නේ.”

Mahinda Rajapaksa