අවුරුදු 70ක් ලංකාවේ රජය දෙමළ ජනතාව රැවැට්ටුවා – ජාත්‍යන්තර සහය නැතුව ජාතික ප්‍රශ්නය විසදන්න බෑ!

0

පසුගිය අවුරුදු 70ක කාලයක පුරා ලංකාවේ රජයන් විසින් දෙමළ ජනතාව රවටා ඇති බව ජාත්‍යන්තරය තේරුම් ගත යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වි විග්නේෂ්වරන් පවසනවා.

ඊයේ (18) වෙල්ලිමුල්ලි වයිකාල් මුහුදු තීරයේ පැවති සැමරුම් මියගිය දෙමළ ජනතාව සිහිකිරීමේ සැමරුම් උළෙල අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයේ තීරණයක් හරහා ජාත්‍යන්තරය ඉදිරියේ එකඟ වුණ දෙමුහුන් යාන්ත්‍රණය ලංකා රජය අද වන විට ප්‍රතිකේෂ්ප කරලා තියනවා. පහුගිය අවුරුදු 70ක කාලයක් පුරා තිබුණු රජයන් දෙමළ ජනතාව රවට්ටලා කියලා ජාත්‍යන්තරය දැන්වත් තේරුම් ගන්න ඕන. අතීතය දිහා බලනකොට ජාත්‍යන්තරයේ මැදිහත් වීම නැතුව ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීමට හැකියාවක් නෑ. ත්‍රස්තවාදී කාලයේ අත්තඩංගුවට ගත්ත අය තවමත් චෝදනා නැතුව රැඳවුම් කඳවුරුවල ඉන්නවා. යුද්ධයේදි මේ භූමිය තුළ මියගිය සියළුම අපෙගේ ඥාතින් වෙනුවෙන් මම මගේ ශෝකය පළ කරනවා.” ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

C. V. Vigneswaran