පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා රට හදන්න පෙරට එන්න!

0

දේශපාලනිකව හෝ ජාති, ආගම් මත විසරක නොවී රට වෙනුවෙන් පෙළ ගැසිය යුතු කාලය එලැඹ ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසා සිටියා.

මැදවච්චිය, ඉසින්බැස්සගල රජමහා විහාරස්ථානයේ ඉදිකළ දෙමහල් ධර්ම ශාලාව හා පුස්තකාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියා.

“යුද්ධයෙන් බැට කාපු අය විදියට අපිට යුද්ධ ජයග්‍රහණය කියන්නේ මහ ලොකු ජයග්‍රහනයක්. යුද්ධේ දිනලා තියනවා, පැරදිලා තියනවා කියලා කියලා අපි පොත්පත් වල කියවලා තියනවා. ඒ වුනාට අපෙ කාලයේ අපි දැක්කා මේ රටේ තිබ්බ මහ යුද්ධය. ඒ යුද්ධය තිබ්බේ සිංහල, දෙමළ, මුස්ලිම් කියලා නෙමෙයි ත්‍රස්තවාදීන් එක්ක තිබිච්ච යුද්ධය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කම තිබුණා. ඒ යුද්ධ ජයග්‍රහණය එක්ක අපිට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියළු දෙනාට එකතු වෙලා මේ රට හදන්න කාලය දැන් උදා වෙලා තියෙන්නේ. එහෙනම් යුද්ධයේ ජයග්‍රහණය අපි හැමදෙනාටම ශ්‍රි ලාංකිකයන් විදියට මේ රටේ සමරන්න පූළුවන්කම ලැබිලා තියනවා.”

“දේශපාලන වශයෙන් අපි තවමත් බෙදෙනවා, ගහගන්නවා, බැන ගන්නවා. අපි මේ දේශපාලන හැම දෙනාටම මුල් කරගන්න නිසා මම හිතන්නේ අපේ රටේ බොහෝ දේවල් අපි නැති කරගෙන තියනවා. දැන් අපිට පක්ෂ පාට වලට බෙදෙන්න නෙමෙයි. ජාති ආගම් කුල මල වලට බෙදෙන්න නෙමෙයි රට වෙනුවෙන් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් පෙළ ගැහෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි සියළු දෙනාටම එකතු වෙලා රටක් විදියට හිතන්න පුළුවන් නම් එතැන තමයි අපේ නියම ජයග්‍රහණය තියෙන්නේ,”අමාත්‍යවරයා පවසා සිටියා.