දැන් සිංහල දෙමළ වෛරය ඇති කරන්න හැදුවාට එදා ලක්ෂ 3ක් දෙමළ ජනතාව බේර ගන්න විග්නේෂ්වරන් උතුරට ගියේ නෑ!

0

උතුරු පළාත් සභා මහ ඇමති ඊයේ (18) දි දෙමළ ජන සංහාරය සැමරීම මගින් දෙමළ ජනතාවගේ හිත් තුළ සිංහල ජනතාව හා හමුදාව කෙරෙහි වෛරයක් ඇති කිරීමට සමත් වූ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

වවුනියාවේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

“ඊයේ දිනයේදි අපි දැක්කා උතුරේ මහ ඇමතිතුමා දෙමළ සංහාර දිනයක් පවත්වනවා, ඒක නිසා දකුණේ ජනතාව බෙහෙවින් කැළඹීලා තියෙන්නේ. ඒ තුළින් මහ ඇමතිතුමා දකුණේ ජනතාව කෙරෙහි හා හමුදාව කෙරෙහි විශාල වෛරයක්, ද්වේශයක්, ක්‍රෝධයයක් ඇති කරන්න කටයුතු කළා කියලා මුළු රටටම පෙනුණා. ඒ අසරණ දෙමළ ජනතාව ලක්ෂ 3ක් බේරගන්න විග්නේෂ්වරන් මහත්තයා එදා උතුරු පළාත් සභාවේ පස් පාගන්න ආවේ නෑ. දකුණේ සිංහල සමාජයත් එක්ක ඉතාමත් ම සුඛෝපභෝගි ජීවිතයක් ගත කරමින් හිටියා ඒ කාලය වෙනකොට. අපි එතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මහ ඇමති විදියට, පරිණත දේශපාලකයෙක් විදියට ඉතාම වගකීමෙන් කටයුතු කරන්න කියලා. එහෙම නොවුනොත් නැවතත් අපේ රටේ ජනතාවගේ ජීවිත වලට අඳුරු වකවානු උදාවෙන්න ඉඩකඩ තියනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.

Wijeyadasa Rajapakshe