උතුරේ, දකුණේ අන්තවාදය වපුරන කාලකණ්ණින් ඉක්මනින් පරාජය කළ යුතුයි!

0

උතුරේත් දකුණේත් ත්‍රස්තවාදය පැරදවීම සියළු දෙනාගේ වගකීමක් වන බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක පවසනවා.

දකුණු  කොළඹ මැතිවරණ කාර්යාලයේ අද (20) පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික හමුවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

“රණවිරුවන් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය කරපු අගනා සේවය අපි මතක් කරන්න ඕන.  ඒනිසා රටේ සතුටුදායක සාමයක් ඇති වෙලා තියනවා. ඒක ස්ථීරසාර සාමයක් කරන්න අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම එක පවුලක් විදියට කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් හැදිලා තියනවා. උණ දේ ගැන දුක් වෙන්නවත්, සතුටු වෙන්නවත් නෙමෙයි, ආයේමත් එහෙම දෙයක් නොවෙන්න කටයුතු කරන්න ඕන. යුද්ධයෙන් නැතිවුණේ ආගමක් ජාතියක් කියලා නෙමෙයි රටේ ශ්‍රි ලාංකිකයන් තමයි නැති වුණේ. අද ඒක නැවත ඇති නොවීමට අපි සියළු දෙනාම හා සියළුම දේශපාලකයින් කටයුතු කරන්න ඕන. ඒ ජනතාව සතු කාර්‍යයභාරයක් විදියට තමයි මම සලකන්නේ. අන්තවාදි කියන හැම දෙනාම පිළිකුල් ලෙස ප්‍රතිකේෂ්ප කරන්න අවශ්‍යයි. දකුණේ වෙන්න පුළුවන්, උතුරේ වෙන්න පුළුවන් මේක අනවශ්‍ය කාර්යයභාරයක්. අද මෙවන් කාලකණ්ණි සතුටක් ලබන 2%ක් වගේ අන්තවාදය වපුරන්න දෙපැත්තෙන්ම එකතු වෙලා ඉන්නවා. ඒක අපි සම්පූර්ණයෙන්ම නැති කරන්න අවශ්‍යයි.”

Ravi Karunanayake