දිලුම්ව CID ගෙනාව ආණ්ඩුව ජාතිවාදි විග්නේෂ්වරන්ට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?

0

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් රටේ අනාගත පැවැත්මට හානි කරන ප්‍රකාශ ගණනාවක් වෙල්ලමුල්ලි වෛයිකාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයක්දි සිදු කළ බවත් එම ප්‍රකාශ තරයේ හෙලා දකින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (18) හෝමාගම දි පැවති රණවිරු සමරුම් උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියා.

“විග්නේෂ්වරන් රටේ අනාගත පැවැත්මට හානි කරන ප්‍රකාශ ගණනාවක් කරනු ලැබූවා. ජන සංහාරක දිනයක් ලෙස නම් කරලා එය දිගටම පවත්වාගෙන යන්න ඕන කියලා ලෝකයට යෝජනා කළා. විශේෂ අධිකරණය මේ රටේ පිහිටුවන්න කියලා මම ඉල්ලා සිටියා. හමුදා කඳවුරු සියල්ල එම ප්‍රදේශ වලින් ඉවත් කරන්න කියලා ඉල්ලා සිටියා. මෙවැනි අන්තවාදි ජාතිවාදි ප්‍රකාශ ගණනාවක් එතුමා විසින් ජාත්‍යන්තරයට මුදා හැරීම අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා අග්‍රාමාත්‍යතුමාගෙන් හා ජනාධිපතිතුමාගෙන් මෙම ජාතිවාදි ප්‍රකාශ කරපු මහ ඇමතිවරයාට, උතුරු පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයාට හා වෙනත් ජාතිවාදි ප්‍රකාශ සම්බන්ධයෙන් අනුගමනය කරන නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද කියලා දන්වන ලෙස. එහෙම දැන ගැනීමේ අයිතියක් අපිට තියනවා. මන්ද යත් නුවර දිස්ත්‍රික්කයේ ඇති වුණ ජනවාර්ගික ගැටුම් සමනය කරන්න මැදිහත් වෙච්ච දිලුම් අමුණුගම මන්ත්‍රිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැදවලා එළිවන ජාමය වන තෙක් ප්‍රශ්න කළා නම් ගැටුම් ඇති කරන්න හේතුවන ප්‍රකාශ කරන කණ්ඩායම් වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග කුමක්ද කියලා අපි ප්‍රශ්න කරන්න කැමැතියි,” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Bandula Gunawardane