ගෝඨාට දිනන්න බෑ….!

0

20 වෙනි සංශෝධනයට විරුද්ධ වුවත් මහින්ද රාජපක්ෂ රජයක් යටතේ ඉදිරියේදි විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර පවසනවා.

අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

“මේ යෝජනාව සම්මත වුනොත් සම්මත වෙච්ච වෙලාවේ ඉඳලා බලය මාරු වෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ අතට. තනි බලයක් හැටියට මේ ඉසයි අපේ පක්ෂය මේ යෝජනාවට විරුද්ධ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති වී ආණ්ඩුව හැදුවට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපි සූදානම්. අපි සිරිසේන මහත්තයා එක්ක එකඟත්වයකින් තමයි මේ ආණ්ඩුව පරාජය කරන්නේ. එහෙම කරලා පස්සේ අපි එතුමා දරන ධූරය අහෝසි කරනවා නම් අපි එතුමාට පාර්ලිමේන්තුව පත් කරන ජනාධිපතිවරයාගේ තත්ත්වය ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය මට තියනවා.”

ඊලඟ මැතිවරණයේදි ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා කවුරු වෙයිද?

“ජනාධිපති ඡන්දය තියන්නම වුනොත් චමල් හොඳයි. චමල් මධ්‍යස්ථයි. චමල් රාජපක්ෂ මහතා ගැන මම හිතන්නේ රාජපක්ෂ පවුලේ කෙනෙක් විදියට නෙමෙයි. ”

ඇයි ගෝඨාභයව දාන්න බැරි?

“එතුමාට අමාරුයි ජයග්‍රහණය කරන්න කියන එකයි මගේ අදහස. ආරක්ෂක ලේකම්වරයා විදියට ඉන්න කාලයේ මිලිටරි ක්‍රමයක් තමයි එතුමා අනුගමනය කළේ.”

Vasudeva Nanayakkara