සමානුපාතික ඡන්ද ක්‍රමය තියාගෙන විධායක ජනාධිපති අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයට අත වැනීමක්..!

0

20 වෙනි සංශෝධනය හරහා රටේ අස්ථාවරත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව අමාත්‍ය පාඨලි චමිපික රණවක පවසනවා.

ඊයේ (28) හෙළ උරුමය විසින් කැඳවා තිනි මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“සාරංශයක් හැටියට ගත්තොත් මේ රටේ ජනාධිපති ධූරයට තිබුච්ච ඉතාම වැදගත් ආණ්ඩුවේ නායකයා ය යන වගන්තිය  ඉවත් කරලා විධායකය ජනාධිපති හා ඇමති මණ්ඩලය අතර බෙදා හැරීම තමයි සිද්ධ කරලා තියෙන්නේ. මේක වයවස්ථාවේ පුර්ණ වෙනසකට, හරයාතමක වෙනසකට මෙම වගන්තිය හේතු වෙනවා. මේ වගේ එහෙන් මෙහෙන් කෑලි ගෙනල්ල්ලා මේ වගේ හරයාත්මක වෙනස්කම් කරන්න යාම ඉතාම භයානක ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. දැන් බලන්න මාලදිවයිනට වෙලා තියන දේ වඩා හොද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා හදන්න ගිහිල්ලා රටේ ස්ථාවරත්වය නැති කරගෙන තියනවා. ඒ නිසා අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. මැතිවරණ ක්‍රමයත් මෙහෙමම තියාගෙන අනුපාත ක්‍රමය ජනාධිපතිධූරය අහෝසි කරලා අගමැතිට බලය දුන්නොත් රටේ මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද? සුළු කණ්ඩායමකට පුළුවන් පාර්ලිමේන්තුවේ රටේ සමස්ථ පාලනය මෙහෙයවන්න.”

මේ ඡන්ද ක්‍රමයයි ජනාධිපතිධූරයයි එකිනෙකට අනුපූරකයි. ඡන්ද ක්‍රමය වෙනස් නොකට විධායක ජනාධිපතිධූරය වෙනස් කිරීම වැඩක් නෑ. පොඩි පරස්පරතාවයක් මේ ව්‍යවස්ථා සංශෝධනයේ තියනවා. ආණ්ඩුකාරවරයා පත් කිරීම පළාත් සභා වලට එයට සංශෝධනයක් ගෙනල්ලා නෑ. ඒකෙන් අදහස් වන්නේ ජනාධිපතිවරයා එතන නියෝජනය වෙනවා කියන එකයි. හැබැයි ජනාධිපතිවරයාට එතැන බලයක් නෑ. ජනාධිපතිවරයා උඩින් නිශ්ක්‍රිය කරලා. ඒ නිසා ආණ්ඩුකාරවරයාත් නිශ්ක්‍රීය වෙන එකයි. 20 වෙනි සංශෝධනයෙන් කරන්නේ විධායක ජනාධිපතිධූරය නාම මාත්‍රික කිරීමයි. එමගින් රට අස්ථාවර වීමත් ප්‍රජාතන්ත්‍රවාදයට එමගින් තර්ජනයක් එල්ල වීමටත් බොහෝදුරට ඉඩ තිබෙනවා. ඒනිසා අපි ඒකට එක හෙළාම විරුද්ධයි.”

Champika Ranawaka