නගරසභාවේ ගිවිසුම් නීතිඥ බිරිදට ලබා දුන් හිටපු නගරාධිපතිට වැඩ වරදින ලකුණු..!

0

හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපති වත්මන් සභාවේ නාගරික මන්ත්‍රි අලගමුත්තු නන්දකුමාර්(එජාප)ට එරෙහිව නිතිමය පියවර ගැනිමට එම සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 8 ක් සහ විපක්ෂව ඡන්ද 7 ක් ප්‍රකාශ කිරිමෙන් යෝජනාව සභා සම්මත වෙයි.

හැටන් දික්ඔය නගර සභවේ මාසික සභා රැස්විම ඊයේ (28) එම සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් එම නගර  සභා ශාලාවේදි පැවැත්විය.

මෙහිදි ආණ්ඩු පක්ෂයට සහය දක්වන නාගරික මන්ත්‍රි මොහන් සුබ්‍රමනියම් විසින් සභාව වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ 2010 වසර තෙක් මෙම නාගර සභාවේ සභාපතිවරයා වශයෙන්  කටයුතු කල ආලගමුත්තු නන්දකුමාර්  ඔහුගේ බලතල අනිසි ලෙස පාවිච්චි කරමින් නගර සභාවේ ගිවිසුම් අත්සන් කිරිමට නිතිඥවරුන් අය කල රුපියල් 2000 සිට රුපියල් 3000 දක්වා වු ගිවිසුම්  මුදල රුපියල් 30000 දක්වා වැඩි කර එම ගිවිසුම් අත්සන් කිරිමේ බලය තම නිතිඥ බිරිදට ලබා දි ඇති බවයි. එසේ එක් වරම වැඩි මුදලක් අයකර නගර සභාවේ ගිවිසුම් අනුවක් පමණ තම බිරිද ලවා ගිවිසුම් ගත කරගෙන ඇති බවද මොහන් සුබ්‍රමනියම් මන්ත්‍රිවරයා මෙම සභාවේදි  කියා සිටියා

ඒ අනුව හිටපු  සභාපතිවරයා බලය අනිසි ලෙස පාව්ච්චි කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිමය පියවර ගත යුතු බව මොහන් සුබ්‍රමනියම් යෝජනාවක් ගෙන එමින් සභාවේදි පවසනු ලැබුවා.

මෙහිදි අදහස් දැක්වු එම නගර සභාවේ හිටපු සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා කියා සිටියේ.මෙය තමන්ගෙන් දේශපාලන වශයෙන් පලිගැනිමට සිදු කරන ක්‍රියාවක් බවයි.

තම බිරිද තමන් සභාපතිධුරය දැරිමට ප්‍රථම සිටම නගර සභාවේ නිතිඥයකු වශයෙන් කටයුතු කල බවත්,නගර සභාවේ ගිවිසුම අත්සන් කිරිමට අය කරන මුදල සේවාදායකයාගෙන් අයකරන බවත් ඒ තුලින් නගර සභාවට කිසිදු පාඩුවක් සිදු නොවන බවත් අලගමුත්තු නන්දකුමාර් මෙහිදි  කියා සිටියා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විවිධ අදහස් ප්‍රකාශ කිරිමෙන් අනතුරුව වත්මන් සභාපතිවරයා කියා සිටියේ මෙම ගැටළුව සම්බන්ධයෙන් නගර සභාව මගින් නිතිමය පියවර ගැනිමට සභාවේ බහුතර මන්ත්‍රි වරුන්ගේ කැමැත්තක් අවශ්‍ය බවයි.ඒ අනුව විවෘත ඡන්දයකට ගිය අවස්ථාවේ නිතිමය පියවර ගත යුතු බවට ඡන්ද 8 ක් ද විරුද්ධව ඡන්ද 7 ක්ද ලැබුනු අතර විරුද්ධ පක්ෂය නියෝජනය කරන එක් නාගරික මන්ත්‍රිවරයෙක් අද සභාවට පැමිණ  සිටියේ නැත.

එම නගර සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වමින් ඡන්දය මෙහිදි  ප්‍රකාශ කරන ලදි .

මෙම ඡන්ද ප්‍රකාශ කිරිමෙන් අනතුරුව සභාව ඇමතු එම සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් කියා සිටියේ හිටපු සභාපතිවරයාට එරෙහිව නිතිමය පියවර ගැනිමට සභාවේ වැඩිම මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ප්‍රකාශ කලද .ඔහුට එරෙහිව නිතිමය පියවර ගැනිම  සදහා විශාල මුදලක් වැය වන නිසා නගර සභාවේ මුදල් ඒ සදහා වැය කල හැකිද යන්න පිලිබදව නිතිඥ උපදෙස් ලබාගෙන කරුණු සොයා බලා ඒ පිලිබදව ඉදිරි සභා වාරයේදි සභාවදැනුවක් කරන බවයි.

හැටන් රංජිත් රාජපක්ෂ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here