ලංකාවේ සිතියම වෙනස් කළේ අපි….!

0

මුහුදු ඛාදනය නිසා කුඩා වෙමින් ගිය ලංකාවේ සිතියම වෙනස් කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (29) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

“මේක පුදුමාකාර රටක් බවට පත් වෙමින් පවතිනවා. අපි ආරම්භ කරපු සංවර්ධන වැඩ නතර කරලා තිබ්බා අවුරුදු දෙකාහමරාක කාලයක්. එහෙම නැත්නම් මෙලෙහකට කෝච්චි පාර ඇවිල්ලා කෝච්චි විවෘත කරලා. හයි වේ එක ඇවිල්ලා හයි වේ එක විවෘත කරලා, මේ ප්‍රදේශ වල විශාල වෙනසක් ඇති වෙලා තියනවා. අපිම හදපු භූමියට, අපිම හදපු වරායටම අපිට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියනවා. ඒ ඒක විකුණපු නිසා. මේවා ගැන කතා කරපුවාම පත්තර වලට මේවා ගැන කතා කරපුවාම රූපවාහිනි වලට ඒවා කතා කරන කතෘවරයාට හෝ නිවේදකයාට නම් කිය කිය අපහාස කරනවා පාර්ලිමේන්තුවේ. මේ ලඟදිම කළේ මහින්දට කඩේ යන අයට මහින්ද ආවාම බෙල්ලේ වැල දාගන්න සිද්ධ වෙනවා කියන එක. ඒක තර්ජනයක්. ඒක මම දකින්නේ මට කරපු විහිළුවකට වඩා මාධ්‍යයට කරපු තර්ජනයක් ලෙසයි. මැතිවරණ ලං වෙනකොට තර්ජනය කරන ඒවත් වැඩි වෙනවා.”

“ඉතිහාසයේ හැමදාමත් ලංකාව මුහුදට ඛාදනය වෙලා ලංකාව පොඩි වුණා. අපි තමයි පළවෙනි වතාවට ලංකාවේ සිතියම වෙනස් කළේ. කොළඹ නගරයට අක්කර 500ක ඉඩමක් හිමි වුණා. හම්බන්තොට වරායට අක්කර 500කට දූපතක් හැදුණා. ණය ගත්තා කියලා කියනවා. අපිට පෙන්වන්න දේවල් තියනවා. මේ ණයට මේ වැඩේ කළා කියලා. ඔවුන් ගත්ත ණය වලට පෙන්නන දෙයක් නෑ. ඒක තමයි අද තියන තත්ත්වය.” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

Mahinda Rajapaksa