ගෝඨාභය දේශපාලනයට එනවාට බැසිල් කැමති නෑ….!

0

ටයි කෝට් දමා එජාප සමාජිකයෙක් මෙන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන බවට විශ්වාස යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන පවසනවා.

ඊයේ (29) 20 වෙනි සංශෝධනය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

20 වෙනි සංශෝධනය පිළිබඳව එජාපයේ මතය?

“අපි කෘත්‍යාධිකාර මණ්ඩලයේත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන්ත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කරලා 20 වෙනි සංශෝධනය ගැන තීන්දුවක් තීරණයක් ගන්නවා.”

එජාප පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ ගැටළු තවම විසදිලා නෑ නේද? තවම කළ කිරීමෙන් නේද ඉන්නේ?

“මම හිතන්නේ ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකයේ නෑ. බරක් ඔබාමා ඇතිතුමාටත් ඉන්නවා. ට්‍රම්ප්ටත් තියනවා. මේ ලඟ දි කසාද බැන්ද ඒගන් කුමරියටත් ප්‍රශ්න තියනවා. ඒ නිසා අපි ඔක්කෝටම ප්‍රශ්න තියනවා. අපි ඒ ප්‍රශ්න ශක්තිමත් කරගෙන ඉස්සරහටයන්න ඕන.”

ජනාධිපතිවරණයට ඉද්‍රිපත් වෙන්න සුදුසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලු?

“අනාගතයේ මේ රටේ ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති ටික තමයි එදා ෂංග්‍රිල්ලා හෝටලයේ ටයි එකයි කෝට් එකයි දාගෙන එක්සත් ජාතික පාක්ෂිකයෙක් වගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වේ. ඒ නිසා එතුමාටත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තමයි. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙයි ඔය ප්‍රතිපත්ති තියනවා නම්, මොකද බැසිල් රාජපක්ෂ මැතිතුමයි අනිත් කණ්ඩායමයි කැමති නෑනේ එතුමා දේශපාලනයට එනවාට.”

Kavinda Jayawardena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here