අවලංගු දේශපාලකයින්ට නැවතත් මේ රට විනාශ කරන්න දෙන්න එපා..!

0

අවලංග්යි කාසි බවට පත් වී අවලංගු වී ඇති පාලකෞඉන්ට රැවටි නැවතත් විනාශය ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“ජනතාවට කියන්න ඕන  රජයේ නියෝජිතයෙක් විදියට පසුගිය කාලයේ රජයේ අඩුපාඩු තිබුණා. ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වුණා. සමහර මහපරිමාණ තොරතුර් වැරදිකරුවන්ට දඩුවම් දෙනවා වගේ පොරොන්දු තාම ඉෂ්ට කරලා නෑ. ජනතාවට සහනදායි පියවරවල් ගැනීමේදි අපි රජයක් විදියට යම් යම් තැන් වලදි අපි අසමත් වෙලා තියනවා. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපේ වැරදි අපි තේරුම් අරගෙන ඒවා නිවැරදි කරන්න ක්‍රියා කරනවා ඊලඟ අවුරුදු දෙකේදි. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නැවතත් අර ප්‍රතිකේෂ්ප කරපු අවලංගු කාසි වලට රැවටෙන්න එපා. ඒ ගොල්ලන්ගේ තිබුණ ඒ අමිහිර් අතීතය නැවතත් අමතක කරලා ඒ දුෂිතයින්ට රැවටෙන්න එපා කියලා.”

ඔබටත්, නියෝජ්‍ය ඇමතිටත් චෝදනා එල්ල වෙනවා නිලධාරින් ගැන මීට වඩා හිතන්න ඕන කියලා.?”

“නිලධාරිවාදයයි නිලධාරින්ගේ සුභසාධනය සෙවීම නෙමෙයි ප්‍රමුඛත්වය. නිලධාරින්ගේ සුභසාධනය ගැන මට උගන්වන්න පුළුවන් ටික දෙනෙයි මේ රටේ ඉන්නේ. මම ලක්ෂ 2ක හමුදාවකට අණ්දුන්නා නිකන් ගෙදර තියන් හිටපු හමුදාවකට නෙමෙයි යුධ බිමේ විශාල සටන් මෙහෙයවපු හමුදාවකට. ඒනිසා ඔය හුඟාක් පත්තර වලට ලියන අයට නිලධාරින් සමඟ ගණුදෙණු කරන හැටි මට උගන්වන්න අමාරුයි. නිලධාරින්ට ලැබිය යුතු තැන ලැබේවි හැබැයි ඒ අය එයාලගේ වගකීම ඉෂ්ට කරන්න ඕන.”

Sarath Fonseka