‘දින 100යේ වැඩ සටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නෑ’ – මම බබා!

0

යහපාලන රජය විසින් ක්‍රියාත්මක කළ දින 100 වැඩ සටහන නිර්මාණය කළේ කවුරුන්ද යන්න තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අද (30) ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දි පැවති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76වන ජන්ම දිනය වෙනුවෙන් පැවති උත්සවයේ ගුණ සමරු දේශනය පැවත්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ උත්සවයට මට ආරාධනාවක් නෑ. කිසිම දැනුම් දීමක් නෑ. මේ රටේ අනිත් දේවල් සිද්ධ වෙන්නෙත් එහෙම තමයි.  පදනම් ආයතනේ සභාපති පත් කරලා ඉන්නේ මම. පදනම් ආයතනයේ මොනවා හරි විශේෂ දෙයක් තියනවා නම් ඔහු මට කතා කරලා කිව්වා. සර් හෙට එනවාද? ඔබගේ නමත් තියනවා. මම කිව්වා මම දන්නේ නෑ. මට ආරාධනාවක් නෑ කියලා. පස්සේ මම මගේ පෞද්ගලික ලේකම්ට කතා කරලා ඇහුවා, මට ආරාධනාවක් තියනවා ද කියලා සෝභිත හාමුදුරුවන්ගේ උත්සවයට. ඔහු කිව්වා නෑ එහෙම දෙයක් නෑ කියලා. මම නිදහස් පක්ෂය බාර ගත්තාට පස්සේ රොටිය ඇට්ටකුණා වුණා කියනවා. හාමුදුරුවනේ රොටිය ඇට්ටකුණා වෙච්ච හැටියි. රොටිය කන්න බැරුව කර වෙච්ච හැටියි හොදට මට කියන්න පුළුවන් මාත් එක්ක සාකච්ඡාවකට සංවාදයකට එනවා නම්. සෝභිත හිමියන් බලාපොරොත්තු වෙච්ච දර්ශනය, උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච අරමුණ ඒක කවුද විනාශ කළේ. පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 47 යි තිබුණේ. ආසන 47 තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම දිවුරුම් දෙන්න දුන්නා මම දිවුරුම් දෙනවා එක්කම. පාර්ලිමේන්තුවේ 2/3ක බලය තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 147 තිබුණා. 127ක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට. කතානායකතුමණි මම දන්නේ නැහැ දින 100 වැඩ සටහන හැදුවේ කවුද කියලා.” ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියා.

Maithripala Sirisena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here