දයාසිරි එහෙම වුණාට අපි එහෙම නෑ…!

0

කණ්ඩායමේ එක් පුද්ගලයෙකුට එල්ල වන අල්ලස් චෝදනාව කණ්ඩායමේ සියළු දෙනාටම එල්ල නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද (30) පෙරවරුවේ විපක්ෂනායක ආර් සම්බන්ධන හමුවිමෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට උත්තර දෙමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගත් බව කියන 118 දෙනාම මන්ත්‍රීවරුන් විය නොහැකි බව පවසා සිටි මන්ත්‍රිවරයා තමා එම සමාගමේ හිමිකරු පළමුවරට දුටුවේ පුවත්පත්වල පළවූ ඡායාරූපවලින් බවත් පවසා සිටියා.

විපක්‍ෂයට එක්වූ 16 දෙනාගේ කණ්ඩායමේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට චෝදනා කර ඒ පිළිබඳව සොයා බැලීම සේම චෝදනා එල්ල වූ 118 දෙනා ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෙළිදරව් කිරීම වඩාත් සුදුසු බවත් ඔහු සඳහන් කළා.

Susil Premajayantha

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here