20ට විරුද්ධ වෙන්න ඒකාබද්ධය ඒකමතික තීරණයක!

0

20 වෙනි සංශෝධනයට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කර බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.

ඊයේ (30) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

“ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වෙනි සංශෝධනයට විරුද්ධ වීමට සියළුම පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කළා. නියෝජ්‍ය කතානායකධූරයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ද නැද්ද යන්න හා ඒ අපේක්ෂකයා කවුරුන්ද යන්න 16 දෙනාගේ කණ්ඩායමත් විපක්ෂයේ ඉන්න අනෙකුත් කණ්ඩායමත් සමඟත් සාකච්ඡා කොට තීරණයයකට එළඹීමට අපි තීරණය කළා. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මතය තීරණය කරන විට හැම විටම 16 දෙනාගේ කණ්ඩායමත් සම්බන්ධ කරගෙන කටයුතු කිරීමටත් තීරණයක් ගත්තා.”මන්ත්‍රිවරයා මෙහිදි සඳහන් කර සිටියා.

එමෙන්ම එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා,

“ආණ්ඩුවට බල කරන්න තීරණය කළා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයකට යන්න. 2019 pට එර මෙය සිදු කිරීම සඳහා වූ මහජන උද්ඝෝෂණ, මහජන ඉල්ලීම ඇති කිරීම ඉතාම වැදගත්.”