ජනපතිගේ විවාදයට මුහුණ දෙන්න ලෑස්තියි …..!

0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන ඕනෑම විවාදයකට සහභාගි වීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රිවරුන් සඳහන් කරනවා.

අද (31) කොළඹ දි පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රි කණ්ඩායමේ ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රිවරුන් මේ බව සඳහන් කළා.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනා පිළිබඳ විස්තර සඟවා සිටින්නේ මන්ද යන කාරණය පිළිබඳව පවා විවාදයට සුදානම් කළ බව පැවසු එම මන්ත්‍රි කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 54 දෙනා අර්ජුන් ඇලෝෂියස්ගෙන් රුපියල් 10 ක් වත් ලබා ගෙන නැති බවද පවසා සිටියා.