දින 100 වගකීම එජාපය බාර ගන්නවා….අපේ කශේරුකාව ශක්තිමත්….!

0

දින 100 වැඩ සටහනේ සියළු වගකීම එක්සත් ජාතික පක්ෂය භාර ගන්නා බව එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

අද (31) පැවති එජාප කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“දින 100 වැඩ සටහන හැදුවේ පක්ෂ කිහිපයක් එකතු වෙලා. දින 100 වැඩ සටහනෙන් මේ රටේ පොදු ජනතාවට විශාල යහපතක් සිද්ධ වුණා. ඒ වගේම අපේ ව්‍යවස්ථාවේ තිබුණ ඒකාධිපති පාලනය මිදිලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න කරපු වැඩ පිළිවෙළක්. ඒකට තීන්දු තීරණ ගොඩාක් ගත්තා. දැන් කවුරු හරි කියනවා නම් ඒකේ හිටියේ නෑ කියලා ඒක ඔබතුමන්ලා එයාගෙන් අහන්න ඕන.”අමාත්‍යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here