දයාසිරි 118 කණ්ඩායමේ නෑ …!- දයාසිරි වෙනුවෙන් එස් බී සුදුළූණු පොඩිකරයි

0

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් 118ගේ නම් ලැයිස්තුවට දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාගේ නම අයත් නොවන බවත් දයාසිරි ජයසේකර සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මෙම මුදල් ගනුදෙනුව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක පවසනවා.

ඊයේ (31) නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්න වලට ඉළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ජනතා විමුක්ති පෙරමුණ මේක ඉදිරිපත් කළේ වෙන කාගේ හරි වුවමනාවක් විදියටයි. 20 වැනි සංශෝධනය මේ වෙලාවේ මේ රටට ඉදිරිපත් කිරීමට කිසිම අවශ්‍යතාවක් නැහැ.13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට පළමු වැනි වටයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒකට විරුද්ධ වුණා. ඒ 13 වැනි සංශෝධනය රටේ ඒකීය භාවයට හානිකරයි කියලා. දෙවැනි වතාවේදී එය අනුමත කරද්දී 2/3ක් ලෙස ඡන්දයක් ලබා ගනිමින් අනුමත කළ අවස්ථාවේදී ඔවුන් පුන පුනා කීවේ විධායක ජනාධිපති ක්‍රමය තිබෙන නිසා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ භෞමික අඛණ්ඩතාවට, රටේ ඒකීයභාවයට තර්ජන එල්ල වන පැත්තට ගියොත් එය වහාම සමනය කිරීමට ඉඩ තිබෙන නිසා අපි මෙයට එකඟයි කියලා. අපි හිතන්නේ පළාත් සභාවල බලතල බෙදීමක් ගැන කතා කරන මේ වෙලාවේ මෙරට විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතු යැයි අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා ජවිපෙ යෝජනාවට අපි කිසිසේත්ම එකඟ නෑ කියලා මතක් කරනවා.” මන්ත්‍රිවරයා එහිදි පවසා සිටියා.