මම ගියේ ජනාධිපති වෙලා ඉන්දැදිමයි…කවුරුත් මට හෙලිකොප්ටර් දුන්නේ නෑ..!

0

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රකාශ අනුව රටේ ආණ්ඩුවක් නොමැති බව තහවුරු බවත් ඉතුරු වී ඇති එකම විකල්පය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (31) කොළඹ නිල නිවසේ පැවති රාමසාන් ඉෆ්තාර් උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“දැන් පැහැදිළිව පේනවා ආණ්ඩුවක් නෑ. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මේ කියන ඔක්කෝම ප්‍රකාශ වලින් තහවුරු වන්නේ ඒක. දැන් තියන හොදම දේ තමයි පාර්ලිමේන්තුව විසුරුවා හරින එක. මෙහෙම ගිහිල්ලා රටක් ස්ථාවර කරන්නවත්, රටක් දියුණු කරන්නවත් බෑ. මම හිතනවා දැන් හොදම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයකට යන එක.”

හෙලිකොප්ටර් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා ජනාධිපතිවරයා?

“මම දන්න විදියට මම රටේ ජනාධිපති වෙලා ඉද්දි තමයි මම ගියේ. කොළඹින් ගියේ ප්‍රතිඵල නිකුත් කරන්න කලින්. රටේ ජනාධිපතිවරයා ඉන්නවා අනිත් ජනාධිපති දිවුරුම් දෙනකම්. මගේ ආරක්ෂක ප්‍රධානියා පොළොන්නරුවේ එක්කෙනෙක්. වික්‍රමසිංහ මහත්තයා. එයා කෙලින්ම එතනට ගියා.”