ලක්ෂ 62 ඡන්දය දුන්නේ ජනපති සිරිසේනට හා අගමැති රනිල්ට…..ඒක මතක නැතුව වැල් බයිලා දැන් වැඩක් නෑ

0

හුඟ දෙනෙකුට අමතක වූවාට ජනවාරි 8 වෙනිදා මේ රටේ ලක්ෂ 62 ක ජනතාවක් ඡන්දය දුන්නේ ජනාධිපති සිරිසේනට හා අගමැති රනිල් ට බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“මුලින්ම එකක මතක තියා ගන්න ඕන කාට කාටත් දැන් එක එක ඒවා කිය කිය අමතක වුණාට 62 දෙලක්ෂයක් ජනතාව ජනවාරි 08 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ රටේ අගමැති කරනකොට අග්‍රමාත්‍යවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයාව පිළි ගත්තා. ඒක ගොඩාක් අයට අමතක වෙලා තියනවා. ඊට පස්සේ 47 දෙනෙක් එක්ක ආණ්ඩු පිහිටුවා ද කියන එක වෙනම කතාවක්. හොදට මතක තියා ගන්න ඕන 62 ලක්ෂයේ ජනවරම දුන්නේ මෛත්‍රි ජනපති රනිල් අගමැති කියන ඒ සාධකය උඩ තියාගෙන එතනින් පස්සේ කළේ ඒ අග්‍රමාත්‍යවරයාව නැති කරන්න උත්සහ රපු කණ්ඩායමක් ඇතුලේ තියාගෙන කරපු වැඩ පිළිවෙළක් නිසා තමයි මේ රටේ කොච්චර හොඳ වැඩක් කළත් ඒ හොඳ වැඩේ එළියට අවේ නැත්තේ.”

118 දෙනෙක් ගැන කතා වෙනවා මේ මුදල් ලැබුණ එක ගැන?

“ඔය ඡන්ද කාලෙට ව්‍යාපාරිකයෙකුගෙන් මුදලක් ගත්තේ නැති පළවෙනි ගල අරගෙන මට ගහපං ඉයන දේශපාලකයෙක් ඉන්නවා නම් මට සතුටු වෙනවා එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒත් ඉතින් රුපියල් 55000යේ දෙශපාලනය කරන අයගේ පඩිය. ඉතින් ඡන්දයක් කරන්න කාගෙන් හර් උදව්වක් ලැබිලා නැත්නම් ඒක හරි පුදුමයක්. මම දන්නේ නෑ ඒ කාලයේ දැනන් හිටියද කියලා මේ පර්පර්චුවල් ට්‍රෙෂරීස් කියන්නේ එහෙම ගැටුම් ඇතිවන තැනක් කියලා. දැන් මේක විහිළුවක් කරගෙන තියෙන්නේ.”

Harin Fernando