එජාප ජනපති අපේක්ෂකයා ඇටකුණා කරන්න කිසිම ඕනකමක් නෑ….වෙලාවට නම එළියට එයි…!

0

2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා ලබන නොවැම්බර් මාසයේදි නිවේදනය කරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඊයේ (01) අස්ගිර් පාර්ශවයේ මහනායක හිමියන් මුණ ගැසීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

අමාත්‍යතුමා ජනාධිපතිතුමා දින 100යේ වැඩසටහන ගැන දැනගෙන හිටියේ නැද්ද?

“අපි වැඩ සටහන හැදුවා. එතුමා දන්නවා ද නැද්ද කියලා එතුමාගෙන් අහන්න. ”

20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස දැන ගන්න කැමතියි?

“20 වෙනි සංශෝධනය ඉතාම අසද්භාවයැන් ඒ වගේම රට අරාජික කරන්න ඇති කර ගත්ත සංශෝධනයක්. විශේෂයෙන්ම පාර්ලිමේන්තු තුළ 20 වෙනි සංශෝධනය පිළිබඳව යමෙක් බලාපොරොත්තු තබා ගැනීම මිරිගුව හබා යාමක්.”

එජාපයෙන් 2020 දි නව නායකයෙක් බිහිවිය යුතුද ඔබතුමාගේ පෞද්ගලික මතය මොකද්ද?

“අපි ඒක 2018 නොවැම්බර් මාසයේදි ප්‍රකාශයට පත් කරනවා. ජනාධිපති අපේක්ෂකයෝ ඇටකුණා වෙන්න කල් තියා ඉදිරිපත් කරලා කුරෝළු කර ගන්න බලාපොරොත්තුවක් නෑ.”

පසුපෙළ මන්ත්‍රීවරු කියනවා පාක්ෂිකයෝ හා පසුපෙළ මන්ත්‍රිවරු ඉල්ලපු ප්‍රතිසංවිධාන නෙමෙයි සිද්ධ වුණේ කියලා?

“ඉල්ලන හැම එකක්ම කාටවත් ලැබෙන්නේ නෑනේ. පුළුවන් ප්‍රමාණය තමයි ලැබෙන්නේ.”