16 කල්ලියේ මතයට ජනපති හිස නමයි…දුමින්ද දිසානායක ශ්‍රිලංනීප ලේකම්ධූරයෙන් ඉවතට!

0

ඉදිරියේදි ලංකාවට අවශ්‍ය දේශීය ජාතික නව දැක්මක් සකස් කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සතුව ඇති ප්‍රමුඛතම අභියෝගය බවත් ශ්‍රිලනීප පූර්ණ ප්‍රතිසංවිධානය තුළින් එය සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ් පියදාස පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (03) අපේ ගම පරීශ්‍රයේ පැවති කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

එහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දින 45 තුළ නව පක්ෂයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට සියළු දෙනා ඇප කැප වී කටයුතු කරන බවයි.

“සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව, මධ්‍යම කාරකා සභාව එකට රැස්වුණා. පක්ෂයේ ප්‍රතිසංවිධානය ආරම්භ කරන්න තාවකාලික නිලධාරි මණ්ඩලයක් අපි තෝරා පත් කර ගත්තා. මේ තාවකාලික නිලධාරි මණ්ඩලය දවස් 45ක් වැඩිම උනොත් මාසයක් තමයි කාලය. ඒ කාලය තුළ අපි පක්ෂයේ ප්‍රතිසවිධානය කරලා අවසන් කරනවා. හිටපු ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක හිටපු නිලධාරි මඩුල්ල විසුරුවා හැරීමේ යෝජනාව ගෙනාවා. ඒ යෝජනාව මම ස්ථිර කළා. ප්‍රතිසංවිධානය සඳහා අලුත් ලේකම්වරයා විදියට කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහත්තයාව අපි පත් කර ගත්තා.” ජනාධිපතිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here