දකුණ කළඹන වයිරස් රෝගයෙන් අදත් දෙදෙනෙකු මියයයි….සෞඛ්‍ය බලධාරීන් මර නින්දේ…ජනතාව අවදානමේ!

1

නිව්මෝනියාව වැළදීම හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කළ තවත් රෝගීන් දෙදෙනෙකු අද (03) මිය ගිය බව මාතර නාගරික හදීසී මරණ පරීක්ෂක ටී.එම්.ලලිත් ද සිල්වා පවසනවා.

මාතර රෝහලේ බාහිර රෝගී අංශයේ දී එසේ මිය ගොස් තිබුණේ මාතර දෙවිනුවර පූජා භූමියේ මල් වෙලෙන්දියක වු කංකානම්ගේ ශ්‍රීයානී  (52) හා අකුරැස්ස මලිදුව බංගම කේ.ඒ.චන්ද්‍ර විමල (76) නැමැති කාන්තාවන් දෙදෙනෙකි.

මේ සමඟ පසුගිය මාසය තුලදී නිව්මෝනියාව හේතුවෙන් මාතර මහ රෝහලේදී මිය ගිය රෝගීන් ගණන 15 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් වර්ග කිහිපයක් ආසාදනය වීමෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ කුඩා දරුවන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.ඔවුන් ගාල්ල කරාපිටිය හා කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ දී මිය ගොස් තිබේ.

උද්ගතව ඇති තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යට නිවැරදි තොරතුරු ලබා නොදෙන තත්වයක්ද මතු වී ඇත.

1 COMMENT

  1. Rajayatawath Saukhya Bala dhareenata wath mewa hoyanna ona ne minissu merunawe e gollanta ona idiri methiwaranaya anith eka me leddu merenne SAITAM doctorsla nisada

Comments are closed.