ඇලෝසියස්ගෙන් මුදල් මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනය වහාම රටට හෙලි කරන්න!

0

බැදුම්කර මුදල් වලින් අර්ජුන ඇලොසියස් මහතාගෙන් මුදල් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රජයම විවේඡනය කරමින් සිටින බව කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ඉන්දියානු රජයේ අධාර යටතේ තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ ඉදි කරන නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ උත්සවයට අද(04) සහභාගි වෙමින් පැවැති ජන හමුවේදි .

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ අර්ජුන ඇලොසියස්ගෙන් තමන් හෝ දමිල ප්‍රගතිශීලි සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයෙකු මුදල් ලබාගෙන නොමැති බවයි.

අර්ජුන ඇලොසියස්ගෙන් මුදල් ලබාගෙන ඇමතිකම් දරමින් සිට ආණ්ඩුවෙන් ඉවත්ව ගිය ඇමතිවරුන්ට ඇමති කම නොමැති සිටිමට නොහැකි බවත්, 2020 වසර වෙන තෙක් රජය තවදුරටත් බලයේ සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියා.

අර්ජුන ඇලොසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ඇත්නම් එය වහාම රටට හෙලි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලිමක් කරන බව පලනි දිගම්බරම් මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ

Palani Digambaran

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here