නව ව්‍යවස්ථාවක් හැදෙන්නේ නෑ…තවත් ජනතාවට බොරු කියන්න බෑ…..!

0

තවදුරටත් නව ව්‍යවස්ථාවක් හරහා ජාතික ප්‍රශ්නය විසදෙයි යනුවෙන් ජනතාවට බොරු බලා‍පොරොත්තු ලබා දිය නොහැකි බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

නව ව්‍යවස්ථාවක් සකස්කරන බවට වත්මන් රජය ප්‍රකාශ කළද නව ව්‍යවස්ථාවක් නොලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

නව ව්‍යවස්ථාවක්, ගොඩනැගීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානයක් මේ වන විටත් රට තුළ ගොඩනැගී නොමැති බවත් මෙය ආණ්ඩුවට පමණක් අයිති වැඩක් නොවන අතර නව ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේ නැති වැඩක් බවත් ඔහු මෙහිදි සඳහන් කළා.

එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ තමන්ගේ කැමැත්තක් නොමැති බව පැවැසූ අමාත්‍යවරයා මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් ලෙස උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත්වල සියලුදෙනාට එක් අපේක්ෂකයකුට ඡන්දය භාවිත කළ හැකිවන්නේ ජනාධිපතිවරණයේදී පමණක් බවද පවසා සිටියා.

විධායක ජනාධිපතිධූරය මගින් රටේ සහජීවනය ගොඩනැගෙන බවත් විධායක බලය පමණක් අඩුකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here