මට සල්ලි හිඟාකන්න ඕනි නෑ…..අම්මා තාත්තා හම්බ කරපුවා තියනවා…!

0

“මට දේශපාලනය කරන්න පර්පචුල් ට්‍රෙෂරීස් එකෙන් සල්ලි හිඟාකන්න අවශ්‍ය නැහැ මගේ අම්මා තාත්තා මට හොඳට හම්බ කරලා තියෙනවා.මට ඕනිනම් පර්පචුල් ට්‍රෙෂරීස් එකට කීයක් හරි දෙන්න පුළුවන් යනුවෙන් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මාවනැල්ලේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවේ හිටපු එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රි ගුණරත්න මාධ්‍ය වෙත දැක් වූ අදහසකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“මම මෛත්‍රි කියන වචනයට ගොඩක් ආසයි නමුත් මේ මෛත්‍රි ගුණරත්න කතා කරන්නෙ ලොකු වෛරයකින්, එතුමා සහ කණ්ඩායමක් විපක්ෂයෙ ඉන්න කාලෙ ස්වාධීන කණ්ඩායමක් දාලා එක්සත් ජාතික පක්ෂය පරද්දන්න විවිධ උපක්‍රම යොදවලා මහින්ද රාජපක්ෂ මහත්ටතයා කඩේ ගියා” ලෙස පවසා සිටියා.

එතුමාට පක්ෂයෙ බලය අල්ලාගෙන ලේකම් වන්නට අදහසක් තිබුණාදැයි තමාට දැන් හිතෙන බව පැවසූ කබීර් හෂීම් අමාත්‍යවරයා නමුත් තමන් තනතුරු සොයා ගියේ නැති බවත් පක්ෂයෙන් වගකීමක් පැවරූ විට එය නිසි ලෙස ඉටු කර ඉවත්වන බවත්,  තමන් පක්ෂයේ ප්‍රතිපත්ති වලට ගරු කරන සහ ආදරය කරන පුද්ගලයෙක් බවත් පෙන්වා දුන්නා.

මෛත්‍රී ගුණරත්නගේ සිහින ඉටු නොවීම ගැන තමන් පළි නොමැති බවත් ඒ නිසා ගල් ගසන විට කල්පනාවෙන් එය කරන ලෙසත් අමාත්‍යවරයා පවසා සිටියා.

මෛත්‍රි ගුණරත්න පර්පචුවල් ට්‍රෙෂරීස් වෙතින් මුදල් ලබා ගත් බවට එල්ල කරන චෝදනාව තරයේ ප්ප‍රතිකේෂ්ප කරන බවත් හෂීම් අමාත්‍යවරයා මාධ්‍යයට පවසා සිටියා.

Kabir Hashim

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here