ගිය ආණ්ඩුව වගේමයි මේකත්…., ඇති යහපාලනයක් නෑ!

0

යහපාලනය එන ඒමට බලයට පත් වූවද වර්තමාන රජයේ කිසිදු යහපාලනයක් නොමැති බව මල්වතු මහනාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ පවසා සිටිනවා.

“සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරය” උන්වහන්සේ දැනුවත් කිරීමට මල්වතු විහාරයට පැමිණි අවස්ථාවේදි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරමින් පවසා සිටියේ ආණ්ඩුවේ එකම කාර්යය රටේ sසම්පත් විකීණීම බවයි.

නකල්ස් කදු රක්ෂිතයේ අක්කර 22,000ක් පෞද්ගලික සමාගම් වෙත විකිණීම සම්බන්ධයෙන් සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරය මල්වතු මහනාහිමියන් දැනුවත් කළ අතර එම විකිණීමට රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුද සම්බන්ධ බවත් ඔවුන් මෙහිදි පවසා සිටියා.

අනතුරුව අදහස් දැක්වූ මහනාහිමියන්,

“ගිය ආණ්ඩුව වගේම තමයි ඉතින් මේ ආණ්ඩුවත්. මේ ආණ්ඩුවත් දැන් ඔක්කොම විකුණන එක තමයි කරන්නේ. හන්තානත් විකුණලා ඉවරයිනේ. මේ ආණ්ඩුව කියලා කිව්වම මේ තීරණ ගන්න තැන්වල ජනාධිපතිතුමා ඉන්නවා නේද? ඇයි ජනාධිපතිතුමාට මේ තීරණ ගන්න බැරි? යහපාලනය කියලා ගෙනාවට මේකෙත් යහපාලනයක් නෑ. හැම දෙයක්ම විකුණන එක තමයි සිද්ධ වෙන්නේ”