ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ සුද්දවන්තයෝ නෙමෙයි…..අර්ජුන ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත අය

0

ඒකාබද්ධ විපක්ෂයේ මන්තිවරුන්ද අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් දැන් පන්සල් ගානේ ගොස් සතුටු ද කිය විමසන බවත් ධීවර හා ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා.

මාවැල්ල ධීවර තොටුපොළේ ඉදිකිරීමට යෝජිත නව බෝට්ටු නැංගුරම් තොටුපොළේ ශක්‍යතා වාර්තාව පිළිබඳ ධීවරයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා මාවැල්ල ධීවර තොටුපොළට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

“අර්ජුන් ඇලෝසියස්ගෙන් මම නම් සල්ලි ගත්තේ නෑ. මට සල්ලි දෙන්න ආවෙත් නෑ. අපිට මැතිවරණය කරන්න උදවු කළේ ගමේ ඉන්න ව්‍යාපාරිකයන් හා ගමේ ඉන්න මිනිස්සු විතරයි. පර්පර්චුවල් සමාගමෙන් මුදල් ලබා ගත්ත අය අතරේ ඒකාබද්ධ විපක්‍ෂයේ අයත් ඉන්නවා. ඒ අයත් පර්පචුවල් සමාගමෙන් සල්ලි අරගෙන අද පන්සලක් පන්සලක් ගාණේ ගිහින් උපාසක අම්මලාගෙන් අහනවා දැන් සනීපද කියලා. අපි මේ හම්බන්තොට ජනතාවත් එක්ක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතුවෙලා කරන්නේ පිරිසුදු දේශපාලනයක්. අපේ අත් පිරිසුදුයි. අපිට මේ අය සල්ලි දෙන්න ආවේ නෑ. අනික මම නම් මේ අය අඳුරන්නේවත් නැ. ඒ නිසා මම ජනතාව ඉදිරියේ බය නැතිව කියනවා මට නම් මේ අය සල්ලි දුන්නේ නෑ කියා.”

“අර්ජුන් අලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියලා එල්ල වෙලා තියෙන මේ චෝදනාව ගොඩක් බරපතළයි. මේ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් තියලා හරි මේ සල්ලි ගත්තේ කවුද? කාටද මේ සල්ලි දුන්නේ කියන එක රටට එළිකරන්න කියන එකයි මගේ අදහස වෙන්නෙත්. මොකද එහෙම නැති වුණොත් අපි ඔක්කොම හොරු ගණයට වැටෙනවා. මං නැවත නැවතත් කියන්නේ මට නම් මේ අය සල්ලි දුන්නේ නෑ. දුන්නට අපි ගන්නෙත් නෑ. අපිට ඕනෙත් නෑ. අපි ණයත් නෑ, බයත් නෑ කියන එකයි.”

Dilip Wedaarachchi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here