ආයෙත් ප්‍රභාකරන්ට මේ රටේ ඇති වෙන්න දෙන්නේ නෑ….ත්‍රස්ත අංකුර විනාශ කළ යුතුයි!

0

ත්‍රස්ත සැමරුම් වලට ඉඩ ලබා දීම ප්‍රභාකරන්ගේ අංකුර වලට නැවත හට ගැනීමට අනුබල දීමක් බවත් එය සිදු නොකළ යුතු වරදක් බවත් අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

මහරගම පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අද ඔය ඉන්න වමාංශික පිරිස බොහොමයක් එදා හිටියේ ත්‍රස්තවාදීන්ට වෙනම රටක් හදන්න අවස්ථාව ලබා දීමට. අනුරාධපුර ජයශ්‍රි මහ බෝධියට සිදු වෙච්ච ප්‍රහාරයෙන් හා අරංතලා භික්ෂූ ඝාතනය මගින් ඒ වාමාංශිකයන්ට පවා කට උත්තර නැති වුණා. හෙට අනිද්දා දවසක උදා වෙනවා අර නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන සියළුම පොලිස් නිලධාරින්ව ඝාතනය වෙච්ච දවස ජූනි 11. එදා තමයි ඔවුන් සියළු දෙනාම ඒ ප්‍රදේශයේ තිබුණ තේක්ක කැලයකට අරගෙන ගිහිල්ලා ඝාතනය කළේ. අපි සාමයේ නාමයෙන් නොයෙක් අවස්ථා වලදි ත්‍රස්තවාදීන්ට යටත් වුණා, නතු වුණා. යම් අය අද ත්‍රස්තවාදීන් සැමරීමට කටයුතු කරනවා. මතක තියාගන්න ඔවුන් එහෙම කටයුතු කරනකොට මේ මිලේච්ඡ ක්‍රියා වල වගකීම ඒ සෑම සැමරුමකදීම ඒ ඇත්තෝ දැරිය යුතුයි. වෙන් වෙලා යන්න ඕනේ කියලා හිතනවා නම් ඒ වෙනුවෙන් යුද්ධ කරන්න ඕන කියලා හිතනවා නම් අතීත ත්‍රස්ත ක්‍රියා වීර ක්‍රියාවන් ලෙස සලකනවා නම් අපිටත් සිද්ධ වෙනවා ඒ අනුව යම් පියවර තබන්න. මේ ප්‍රභාකරන්ගේ යම් යම් අංකුර, චූටි චූටි අංකුර යම් යම් තැන්වල ඇති වෙමින් පවතිනවා. ඒ අංකුර ඒ තත්ත්වයේදීම කඩලා බිදලා දාන්න ඕන,” අමාත්‍යවරයා සඳහන් කළා.

Champika Ranawaka