TNL නාලිකාවේ සම්ප්‍රේෂණාගාරයට TRC සීල් තබයි…..!

0

ටි.එන්. එල් රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට විදුලි සංදේශන නියාමන කොමිෂන්  සභාවේ (TRC) නිලධාරින් විසින් සීල් තබා ඇති බව වාර්තා වෙනවා.

ටි.එන්. එල් රූපවාහිනි සේවය විසින් TRCවෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි නොගෙවීම නිසා මෙම සීල් තැබීම සිදු කර ඇති බවයි. මේ අතර මේ වන විට එම සම්ප්‍රේෂණාගාරයේ උපකරණ එතැන් ඉවත් කිරීමට එම නිලධාරින් කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.

කෙසේවෙතත් ටි.එන්. එල් රූපවාහිනියේ ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ තම ආයතනය විසින් ගෙවිය යුතු සියළුම බදු මුදල් හා බලපත්‍ර ගාස්තු නිසි පරිදි TRCවෙත ගෙවා ඇති බවයි. එසේ තිබියදීත් මෙලෙස විකාශය අත්හිටුවීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here