TNL විකාශන මධ්‍යස්ථානය මුද්‍රා තැබිම ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා අතර තියෙන ගැටුමක ප්‍රතිඵලයක්

4

TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (5) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා එම ආයතනයට අයත් විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද කතා බහට ලක්වුනා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරට යොමුකල ප්‍රශ්ණයක්ලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කලේ ‍පොල්ගහවෙල පිහිටි මෙම සංඥා කුලුනට මුද්‍රා තැබිමේ සිද්ධිය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන බවත් ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියාගෙන් තමන් තොරතුරු විමසීමක් කළ බවයි.ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවට අයත් සංඥා කුලුනකට විදුලි සංදේශ නියාමන කොමිසම මුද්‍රා තැබිම පිළිබඳව තමන් කණගාටු වන බවද ඔහු එහිදි සදහන් කර සිටියා.

විමල් වීරවංශ – අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවේ ‍පොල්ගහවෙල පිහිටි සංඥා කුලුනකට ඊයේ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මුද්‍රා තබා තිබෙනවා. මේ නාලිකාව මටත් මහින්ද රාජපක්ෂ මහතාටත් නිතරම ප්‍රහාර එල්ල කළ ආයතනයක්. නමුත් මාධ්‍ය නිදහස ගැන රස මසවුළු කතා කියමින් බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ මෙහෙම වෙන්නේ කොහොමද මේ ගැන ජනමාධ්‍ය ඇමැතිතුමා පිළිතුරු දෙයි කියා හිතනවා. මේ කටයුත්ත විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියාට පමණක් කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. ඊට ඉහළ කව්රු හරි මේකට නියෝගයක් දෙන්න ඕනා.

ඇමැති මංගල සමරවීර – මේ අවාසනාවන්ත සිද්ධිය ගැන මං දැන ගත්තේ මීට පැයකට පමණ කලින්. සැබෑ තොරතුරු නොදැන මේ ගැන කතා කරන්න බැහැ. ඒත් සිද්ධිය පිළිබඳව කනගාටුයි. තමන්ගේ සතුරාගේ අදහස් කොතරම් අමිහිරි වුවත් ඒවා ප්‍රචාරය කරන්න අයිතියක් තිබෙන්න ඕනා.

නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා – ජනමාධ්‍යයට තිබෙන අයිතිය මේ ආකාරයට සීල් තියලා නවත්වන්න හොඳ නැහැ. අපි මාධ්‍ය නිදහසට ගරු කළ යුතුයි. ජනාධිපතිතුමාට මං මේ ගැන මතක් කරන්න කැමතියි. මොකද ඔහු යටතේයි විදුලි සංදේශ නියාමන කොමිසම තියෙන්නේ.

ඇමැති මංගල සමරවීර – සිරස රූපවාහිනී ආයතනය අපේ පක්ෂයට ඇති තරම් මඩ ගහනවා. අපේ නායකතුමාට මඩ ගහනවා. මට කොටළුවා කියනවා. අපට පුළුවන් වෙන්න ඕනා විවේචන විඳ දරා ගන්න. අපට මෙහෙම ගැහැව්වා කියලා අපි සිරස අයිතිකාරයා එක්ක තරහා නැහැ. අපේ මිත්‍රත්වය එහෙම්මම තියෙනවා.

විමල් වීරවංශ – ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා අතර තියෙන ගැටුමක ප්‍රතිඵලයක් මේ විදිහට එළියට එන්නේ කියලා අපට මේ දේවල්වලින් හිතෙනවා. එහෙම නම් ආණ්ඩුව කරගෙන යන්නේ අපිද කියලා හිතෙනවා.

‍පොල්ගහවෙල සිට සිදුකරන විකාශන කටයුතු සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවෙන් වාර්ෂිකව ලබා ගත යුතු බලපත්‍රය මේ වන තෙක් ලබා ගෙන නොමැති නිසාත් එවැනි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිත කිරීම 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද විදුලි සංදේශ නියාමන කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. ‘

මේ වන විට ටී.එන්.එල්. රූපවාහිනියේ සබරගමුව, වයඹ හා බස්නාහිර ප්‍රදේශවල විකාශන කටයුතු ඇන හිට තිබේ.

4 COMMENTS

  1. I pay a quick visit daily a few web sites and websites to read

    posts, but this webpafe provides quality based content.

  2. I’m amazed, I have to admit. Seldom do I encounter a blog

    that’s both equally educative and entertaining, and without

    a doubt, you have hit the nail on the head. The issue is something not enough men and women are speaking intelligently

    about. I am very happy I stumbled across this in my search for something concerning this.

  3. With the arrival in technology, the internet casino gambling has gained
    immense popularity. Mentioned below are some of the useful tips to experience online: – The very first one and also the most crucial
    tip is always that you should be systematic. Discover the
    slot machine game secrets and misconceptions that you might want
    to understand:.

Comments are closed.