හොරුන්ගේ වෛද්‍ය වාර්තා දැක්කාම අපිට හෘදයාබාධ හැදෙනවා….!

0

රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින සැකකරුවන් ඇප ලබා ගැනීමට ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තා දුටු විට විනිසුරුවන් හට ද හෘදයාබාධ වැළදෙන බව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රංග දිසානායක පවසා තිබෙනවා.

ඉන්දියානු ජාතිකයකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක්‌ ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්‌ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්‌ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනාගේ රෝග තත්ත්වයන් සලකා ඔවුනට ඇප ලබාදෙන ලෙසට විත්තියේ නීතිඥවරුන් ඉල්ලීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කොට තිබෙනවා.

අදාළ ඇප අයදුම්පත ඊයේ (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට විත්තියේ නීතිඥවරුන් කටයුතු කළා. එම සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබාදෙන ලෙසට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය එදිනට ප්‍රකාශ කරන බවත් සඳහන් කළා.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here