මහේන්ද්‍රන් ගැන වගකීමක් මට නෑ….!

0

මහබැංකු අධිපති ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරෙන් ඉවත් වූ පසුව තමාට ඔහු කෙරෙහි වගකීමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේදි අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා කළ විමසීමකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

“ජාලිය වික්‍රමසිංහ මහතා අත්තඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට 2018 අප්‍රේල් මාසයේ 05 වෙනිදා කටයුතු කළා. උදයාංග වීරතුංග මහතා අත්තඩංගුවට ගැනීමට පෙබරවාරි 12 වෙනි දින ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ට නිකුත් කරපු වරෙන්තු ඔහු වෙත යොමු වී ඇති අතර එම පණිවිඩ ඔහුට ලැබී ඇති බවට ජංගම දුරකතන හා ඊමේල් ඩිලිවරි රිපෝට්ස් වාර්තා කරනවා. ජාත්‍යන්තර රතු නිවේදනයක් ද නිකුත් කොට තිබෙනවා. නමුත් සිංගප්පූරුව විසින් රතු නිවේදන මත පුද්ගලයන් අත්තඩංගුවට ගැනීමට කටයුතු නොකරන බැවින් උදර්පණ නීතිය යටතේ ඉල්ලීමක් කරන ලෙස සිංගප්පුරු රජය විසින් දැනුම් දීමක් කර තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා මම යටතේ වැඩ කරන අවස්ථාවේදී මට දැනුම් දුන්නා. ඒත් අපෙන් ඉවත් වුණාට පස්සේ ඒ වගකීම අපිට නෑ. කොමිසමට යනකොට අර්ජුන මහේන්ද්‍රන් එක්ක සම්බන්ධයක් තිබුණේ නෑ. මම දන්නවා එතුමා විටින් විට මීට ඉස්සරත් ඔඅය නිවෙස් මාරු කර කර හිටියා. ඒක සිංගප්පූරුවේ සිරිතක්.” ඔහු මෙහිදි පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here