ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙලා නෑ මත ගැටුමක් විතරයි…!

0

ඒකාබද්ධ විපක්ෂය තුළ මත ගැටුමක් හට ගෙන නොමැති බවත් සිදු වූයේ මතවාදිමය වශයෙන් විරෝධය පෑමක් පමණක් බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රි සී බී රත්නායක පවසනවා.

ඊයේ (06) ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

“16 දෙනෙක් විපක්ෂයේ ඇවිල්ලා ඉඳ ගත්තා. අපි එයාලව දෝතින් වැළදගෙන කටයුතු කරන්න අපි සූදානම් වුණා. එක කකුලත් ඒ පැත්තේ තියාගෙන තව කකුලක් මේ පැත්තේ තියාගෙන කුමක් අරබයා කටයුතු කරනවා ද කියා සැකයක් අපේ අය අතර තියෙන්න ඇති. ඒක තමයි ඊයේ දවසේ උන සිද්ධිය මේක දැන් හංගලා කතා කරන්න ඕන නැහැනේ. රට දෙකඩ කරන යහපාලනය එක්ක ඉන්න ගමන් අනිත් පැත්තෙන් දුම් මැස්ස අත ගාන්න දෙන්න පුළුවන්කමක් නෑ. ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් නෑ. නමුත් විරෝධය පළකරන්න කටයුතු කරලා තියනවා. ටී එන් ඒ එකයි ජනතා විමුක්ති පෙරමුණයි ඡන්දය දෙන්නේ නැතුව නැගිටලා ගියා. කාගේ උවමනාවටද? එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව නිසා නේද? ඒනිසා මේකෙන් මනින්න එපා ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙලා කියලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එක්ක දීග කමින්, නියෝජ්‍ය කතානායකවරයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පත් කර ගැනීමට මේ පැත්තේ 16 දෙනාගේ ඡන්දය පාවිච්චි කරන්න හදනකොට ඒ අයත් ඡන්දය දුන්නාද කියන සාධාරණ සැකය අපිට මතුවෙනවා.” මන්ත්‍රීවරයා පවසා සිටියා.