ජනපති දින 100 හැදුවේ නෑ…., හදන්න අගමැතිට බලය දුන්නා….!

0

දින 100යේ වැඩසටහන සකස් කරන අවස්ථාවේ එයට අවශ්‍ය තීරණ ගැනීමේ බලය ජනාධිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දී තිබු බවත් දින 100 වැඩ පිළිවෙළ සකස් කිරීමට ජනාධිපතිවරයා සහභාගි නොවු බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ටී.එන්.එල්. විකාශනය නතර කළේ ඇයි?

“මගේ අදහස නම් ඒක පුළුවන් තරම් ඉක්මනට දෙන්න ඕන.”

උතුරේ මහ ඇමැතිවරයාත්, සිවාජිලිංගම් වැනි මන්ත්‍රිවරුන් ජාතිවාදී ප්‍රකාශ කරද්දී රජය නිහඬ ඇයි?

“ඒ එම අයගෙ බංකොලොත් දේශපාලනය. හැම බංකොලොත් දේශපාලනඥයාම අන්තිමට ජාතිවාදයේ එල්ලෙනවා. මේ රට මේ තත්ත්වයට ගෙනාවෙ එවැනි දේශපාලනඥයන්.”

මේ තත්ත්වය නිසා උතුරේ තරුණයන් ආයෙත් ත්‍රස්තවාදයට යාවිද?

“ත්‍රස්තවාදය ඕන වුණාට ඔය දෙන්නටම ත්‍රස්තවාදී නායකයෝ වෙන්න බැහැ. ඒ නිසා තමයි කටවලින් ත්‍රස්තවාදය කරන්නෙ. ඒ කට පිළිබඳ ක්‍රියා කරන්න විතරක් නීතියක් ගේන්න බැහැ. තවත් ඒවට ගේන්න ඕන. ජාතිවාදය කතා කරන ඒවට පනතක් ගේන්න හැදුවත් ඒක ගේන්න දෙන්නෙ නැහැ.”

උතුරේ නැවත පදිංචි කිරීම සම්බන්ධව රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරු අතර මත ගැටුමක් කැබිනට් මණ්ඩලයේ දී ඇති වූ බව කියැවෙනවා?

“හකීම් ඇමැතිතුමා කිව්වා තමනුත් එම කමිටුවට ඇතුළු කරන්න කියලා. ජනාධිපතිතුමා කිව්වා ඒකට දැම්මේ උතුරු නැඟෙනහිර අය කියලා. මුස්ලිම් අය වෙනුවෙන්, බදුර්දීන්, සිංහල අය වෙනුවෙන් දුමින්ද, වවුනියාව පැත්තේ අය වෙනුවෙන් මස්තාන් මන්ත්‍රිවරයා ඇතුළු කමිටුවක් පත් කොට තිබෙනවා.”

ජාතික ආණ්ඩුවේ එජාප – ශ්‍රී ලනිප එකඟතාව දැන් නැද්ද?

“ඒ එකඟතාව උඩ ශ්‍රී ලනිප අංගජන් මන්ත්‍රිතුමාගෙ නම නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කළා. ඒකට ටී.එන්.ඒ. විරුද්ධ වුණා. ඒ නිසා ශ්‍රී ලනිපයට ඒක ඉවත් කර ගන්න සිදු වුණා. ඒ අය තරහ කරගන්න අපට බැහැ. අගමැතිවරයා වෙනත් නමක් ඉල්ලුවත් දෙන්න තිබුණෙ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා එජාපයෙන් පත් කර ගන්න කියලා. ඒ අනුව තමයි එජාපය ආනන්ද කුමාරසිරි නම් කළේ. ඊට පස්සෙ ජනාධිපතිතුමා කිව්වා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කරමු කියලා. එතකොට අගමැතිවරයා කිව්වා පක්ෂය තීරණය කරල තියෙන නිසා ඒක අමාරුයි කියලා. ඒ අනුව ඒකට ජනාධිපතිතුමන් කැමැති වුණා. කථානායක, නියෝජ්‍ය කථානායක තෝරන්නෙ ආණ්ඩුවෙ පක්ෂවලට ඕන විදියට.”

දින 100 වැඩපිළිවෙළ හැදුවෙ කවුද?

“දින 100 හැදුවෙ එක්තරා කණ්ඩායමක්. අපිත් සහභාගි වුණා. ජනාධිපතිතුමා ඒක හැදීමට සම්බන්ධ වුණේ නැහැ. එතුමාට කියන්න තිබුණෙ අපි ඉදිරිපත් කරපු වැඩසටහන තමයි අපට ප්‍රශ්නයක් වුණේ කියලා. නමුත් එතුමාගේ වචනයක් තමයි ප්‍රශ්නයක් වුණේ. ජනාධිපතිතුමා ඉදිරිපත් කළත් ඒක හැදුවෙ වෙන කට්ටියක්. හැම දේටම අපට තිබුණෙ මාසයක් පමණයි. උදේ 5 සිට 7 වන තුරු ඔය කමිටුව රැස් වුණා. රතන හාමුදුරුවෝ, අශෝක අබේගුණවර්ධන, චම්පික රණවක, සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් ඊට සහභාගි වුණා.”

“කථිකාචාර්යවරු, වෛද්‍යවරු, නීතිඥයෝ ඇතුළු පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැති අයත් ඇවිල්ලා තමයි ඒක හැදුවේ. මන්ත්‍රිවරු 42කින් කොහොමද දින 100 වැඩපිළිවෙළ ක්‍රියාවට නඟන්නෙ. ඒ නිසා ජනාධිපතිවරයා කියන කතාව හරි. ජනවාරි 9 ආණ්ඩුව විසුරුවල ඡන්දයකට ගියා නම් මන්ත්‍රිවරු 150කට ආසන්න ප්‍රමාණයක්වත් ගන්නවා. ඒත් සියලු දෙනාට වුවමනා වූ ප්‍රගතිශීලී වැඩසටහන මැතිවරණයකට නොගොස් ක්‍රියාත්මක කළා.”

දින 100 වැඩසටහන ගැන ජනපති – අගමැති සාකච්ඡා කළේ නැද්ද?

“ඒ වෙලාවෙ ජනාධිපතිවරයා තීන්දු ගන්න අගමැතිතුමාට අවස්ථාව දී තිබුණා.”

ඒත් ජනාධිපතිවරයා ඇතැම් කැබිනට් තීන්දු ඉවත් කළ ආකාරය ඇතුළු චෝදනා කරනවා. ඔබ ඒවා දකින්නෙ නැද්ද?

“පැහැදිලිවම ඒ පිළිබඳවම මම කතා කරනවා. මේ පක්ෂ දෙකට එකතු වෙලා යනවා හැර වෙන වැඩපිළිවෙළක් නැහැ. ඒක දේශපාලකයෝ කවුරුත් දැනගන්න ඕන.”

ඒත් ඒකාබද්ධ විපක්ෂයේ අදහස ආණ්ඩුවට තවත් මාස දෙකක්වත් ඉදිරියට යෑමට නොහැකි බවයි?

“නියෝජ්‍ය කථානායක පත් කරන්න අවස්ථාවක් ලැබුණාමත් ඒකාබද්ධ විපක්ෂය බෙදුණා.
එහෙම අය ආණ්ඩුවක් ගන්න එකතු වේද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here