සිංගප්පූරුවේ කුණුත් ලංකාවට ගේන්න පුළුවන් ගිවිසුමක් තමයි අත්සන් කරලා තියෙන්නේ….රටේ ඉන්නේ බත් කන ගොන්නු නෙමෙයි!

5

දැනට අත්සන් කර ඇති සිංගප්පූරු ගිවිසුම මගින් සිංගප්පූරුවේදි ඉවත් කසල ලංකාවට ආනායනය කිරිමට අවකාශ සැලසී ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කරනවා.

අද (07) එම සංගම් කාර්යාලයේ දි පැවති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් වෛද්‍යවරයා විමසා සිටියේ ලංකාව වෙනත් රටවල කුණු බාර ගන්නේ මුතුරාජවෙල, මිතොටමුල්ල, කරදියානේ කසල ගැටළුවට විසඳුම් ලබා දීමෙන් අවසානයේ ද බවයි.

“සිංගප්පූරුව සමග වෙළද ගිවිසුමකට එළඹීම පසුගිය රජය විසින් ශ්‍රැංගිලා හෝටලය සෑදීමට ඉඩම ලබා දීම සමාන බවයි අගමැතිවරයා හිතාගෙන ඉන්නේ. එම ගිවිසුම රටට රටේ සියළු වෘත්තීයන්ට බලපානු ලබනවා. එතුමා කල්පනා කරනවා ඇති මේ රටේ ඉන්නේ බත් කන ගොන්නු.”

“මෙම ගිවිසුම හරහා තවත් විශාල බරපතල තත්ත්වයක් රටේ මහජන සෞඛ්‍යට පරිසරයට හානිවෙන අයුරින් චාන්දනී විජේවර්දන විසින් නියෝග කර තිබෙනවා. ලිපිය සමග අමුණා ඇති HS codes සහිත ඇමුණුමේ කසල ආනයනය කිරීමට බදු සහන ලබා දී තිබෙනවා. කසල වර්ග කිහිපයක තිබෙනවා. ඉන් එකක් නම් රසායනික අපද්‍රව්‍යයන්, බටහිර රටවල මෙන්ම සිංගප්පූරුවෙත් මෙවැනි අපද්‍රව්‍ය බැහැර කිරීමට විශාල මුදලක් වැය වෙන අතර තද නීති පද්ධතියකුත් තිබෙනවා ජාත්‍යන්තර හා දේශීය වශයෙනුත්. එබැවින් මේ සදහා විශාල ව්‍යාපාරත් තිබෙනවා.”

“අපද්‍රව්‍යයන් වර්ග ප්‍රධාන ලෙස රෝහල් වලින් ඉවත් කරන රසායනික අපද්‍රව්‍යය මේ සදහා ජීව කොටස්, සායනික කොටස්, න්‍යෂ්ටික කොටස් පවා, අනෙක් එක තමයි මස් සදහා ගනු ලබන සතුන්ගේ කොටස් බැහැර කිරීම.මේ සියළු කොටස් කිසිදු බද්ධකින් තොරව නොමිලේම ආනයනය කරන්න පුලුවන්. සිංගප්පූරුවේ විතරක් නොවෙයි ඕනම රටක මෙවැනි පරිසරයට ඉතාම අහිතකර කසල මෙම ගිවිසුමත් සමග ලංකාවට එවන්න පුලුවන්කම ලැබී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේවා කලමණාකරනය කිරීමටත් සිංගප්පූරු සමාගම්වලට ඒමේ හැකියාව තිබෙනවා.”

“මෙලෙස කසල පැහැර කිරීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා, 01. මුහුදේ ගිල්වා දැමීම. 02. ශ්‍රී ලංකා ⁣පොලවේ වැලලීම 03. ශ්‍රිලංකාව තුලදී දහනය කිරීම/ පිලිස්සීම. මේ ආකාරයට සිදු කිරීමෙන් රටට, රටේ ජල මුලාශ්‍ර වලට මෙම අධික විෂ එකතු වීම නැතොහොත් වාතයට එකතුවීම නිසා ලාංකික මහජන සෞඛ්‍යට දැඩි ලෙස බලපානවා.අපි ආණ්ඩුවෙන් අහනවා, දැන් මිතොටමුල්ල, කරදියානේ, මුතුරාජවෙල කුණු ප්‍රශ්නය අවසන් කරලද තිබෙන්නේ, වෙනත් රටවල කුණු ප්‍රශ්න විසදීමේ වගකීම භාර ගැනීම සිදු කිරීම.”

“මෙහි වගකීම ගන්නේ නීතිවිරෝධී ලෙස රේගුවට නියෝග දෙන මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ද, වෙළද අමාත්‍යාංශයේ ලේකම්වරිය චාන්දනී විජේවර්දන, හා ඔවුන් සියලු දෙනා ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ බොරු කියන අග්‍රාමාත්‍යවරයා ද?” වෛද්‍යවරයා මෙහිදි සඳහන් කර සිටියා.

5 COMMENTS

  1. Your style is very unique compared to other folks I have read stuff from.

    Many thanks for posting when you have the opportunity, Guess I’ll just

    bookmark this site.

  2. Thanks for finally talking abokut >සිංගප්පූරුවේ

    කුණුත් ලංකාවට ගේන්න පුළුවන් ගිවිසුමක් තමයි අත්සන්

    කරලා තියෙන්නේ….රටේ ඉන්නේ

    බත් කන ගොන්නු නෙමෙයි!

    – Lanka News Alert <Loved it!

Comments are closed.