දක්ෂයන් පසුපස රූපවාහිනී නාලිකා

0

නූතනයේ පවත්නා ඡනමාධ්‍යයන් අතර රූපවාහිනියට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි.මන්ද , එය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන නිසා ය.නමුත් පවතින ගැටළුව වන්නේ මෙකී මාධ්‍ය මිනිසුන්ගේ පරම යහපත උදෙසා කි‍්‍රයාත්මක වන්නේ ද? යන්නයි.ඡන මාධ්‍ය පැවතිය යුත්තේ හුදෙක් මාධ්‍ය අයිතිකරුවන්ගේ උවමනාවන් හා අවශ්‍යතා තෘප්තිමත් කිරීමට නොව ඡනතාවට ලෝකය හා අවට සමාඡය පිළිබඳව දැනුමක් හා අවබෝධයක් ලබා දීමට ය.මෙකී අරමුණ නූතන රූපවාහිනී මාධ්‍ය හරහා ඉටු නොවන බවට දැන් දැන් විවේචන ගණනාවක් එල්ල වී ඇත.

පොදු ඡුනයා අතර රැඳෙමින් ඔවුන්ගේ ආශාවන් ද, උවමනාවන් ද, ඉලක්ක කර ගනිමින් සිය වෙළඳ අරමුණු ඉටු කොට ගන්නා පෞද්ගලික හා රාජ්‍යය අංශයේ.රූපවාහිනී නාලිකා සිය පැවැත්ම තහවුරු කොට ගනු වස් යුගයෙන් යුගයට විවිධ ආකර්ෂණශිලී වැඩසටහන් හඳුන්වා දෙන්නේය. මේවා හුදෙක් පොදු ඡුන වින්දනය උදෙසාම ක්‍රියාත්මක වන වැඩසටහන් නොව , තම පටු වෙළඳ ආශාවන් තෘප්තිමත් කර ගැනීමට බැව් මෑත කාලීනව විකාශනය වූ විවිධ වැඩසටහන් ඔස්සේ හඳුනා ගත හැකි වෙයි. මෙකී තරඟකාරී වැඩසටහන් ගායන අංශයේ ද , නර්තන අංශයේ ද, උපහාසාත්මක රංගනයේ ද , ළමා ගැයුම් හා නැටුම් අංශයේ ද නිෂ්පාදනය විය. එපමණක් නොව රණ විරුවන්ට අදාල රියල් ස්ටාර් වැන් වැඩසටහන් ද ක්‍රියාත්මක වන්නට විය.

විවිධ සමාඡ කොටස් නියෝඡනය වන ආකාරයට මෙම වැඩසටහන් නිෂ්පාදනය කර ඇති අතර හුදෙක් දක්ෂයාට නොව ජනප්‍රිය පුද්ගලයාට අවස්ථාව හිමි කර දෙන ස්ථානයක් බවට ද මේවා පත්ව ඇති බව වර්තමානයේ පෙනී යයි. මෙය අවබෝධ කොට ගැනීමට තරම් දැනුමක් නොමැති බොහෝ නූගත් ඡනතා පේක්ෂකයින් මේ වටා එක් රොක් වී තම වටිනා කාලය කා දමයි. මෙබදු වැඩසටහන්වලට , පෞද්ගලික නාලිකාවන්ට ඉඩ ප‍්‍රස්ථාව සැලසෙන්නේ රාජ්‍යය අංශය විශේෂයෙන්ම පාසල් තුළ දක්ෂයින් තෝරා ගැනීම සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් ක්‍රියාත්මක නොවන නිසාය.ඊට අමතරව ආකර්ෂණශීලීත්වය , ජනප්‍රියතාව , ධන සම්පත් හා විවිධ වටිනා තෑගිභෝග හිමි වීම යනාදී කරුණු ද මේ සඳහා බලපාන්නේය. මෙයින් බොහෝ විට පෞද්ගලික නාලීකා වලට ඉදිරියට යෑමට අවස්ථාව ලැබෙන අතර රාජ්‍යය අංශය දුර්වලව යන්නේය. රාජ්‍යය අංශය අඩපණ කිරීම උදෙසා මෙම පෞද්ගලික නාලිකාවන් මෙකී වැඩසටහන් උදෙසා විශාල මුදලක් වැය කරන අතර එ් සඳහා විශාල කැප කිරීමක් ද කරන්නේය. රාජ්‍ය‍ය අංශය මේ සඳහා කළ යුතු වන්නේ පෞද්ගලික නාලකී වලට මෙවැනි ක්‍රියාවල සෙදීමට ඉඩ නොතබමින් දක්ෂයින් විශේෂීත ආකාරයට තෝරා ගැනීම පිණිස ක‍්‍රමවත් යාන්ත‍්‍රණයක් පාසල් කෂේත‍්‍රය ඔස්සේ ද වෙනත් අනියම් ක‍්‍රම හරහා ද ගොඩනගා ගැනීමය.

වැඩිහිටියන් උදෙසා ආරම්භ වූ මෙබඳු වැඩසටහන් ක‍්‍රමයෙන් ළමා පරපුරට ව්‍යාප්ත වී පවතින අතර රණවිරුවන් බදු විශේෂ සමාඡ කොට්ඨාසයන්ට ද ව්‍යාප්ත වී ඇති බව පෙනේ. මෙය කූට උපක‍්‍රමශීලී ක්‍රියා පිළිවෙතක් වන අතර පෞද්ගලික නාලීකා කෙරෙහි සියල්ලන්ගේම අවධානය යොමු කරවා තම ජනප්‍රියතාවය රැක ගැනීමේ උපක‍්‍රමයක් ලෙස ද මේවා විවේචනයට පාත‍්‍ර වෙමින් පවතී. මෙම වැඩසටහන් සඳහා ඒ ඒ ක්ෂේත‍්‍රයන්ගේ ප‍්‍රවීනයන්ගේ ද ආශිර්වාදය හිමි වීම කනගාටුවට කරුණකි. ප‍්‍රවීන ගායක ගායිකාවන් හා අනෙකුත් නිර්මාණ කරුවන් ද මෙම ප‍්‍රවාහයට එක් වීම නිසාම මේවා වඩාත් බලවත් ආකාරයෙන් ව්‍යාප්ත වන අතර කිසිවෙකුට ඊට එරෙහිව නැගී සිටීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී තිබේ.

මෙබදු වැඩසටහන් තුළින් සමාඡුය ලබන වාසි ද සඳහන් කිරීම අගනේය.විශේෂයෙන් ම රාඡු්‍ය අංශයෙන් ඉටු නොවන කාර්යයක් මෙම පෞද්ගලික අංශයෙන් ඉටු වීම මෙහදි ප‍්‍රධාන වශයෙන් ම අගය කළ හැක. පෞද්ගලික අංශය හරහා හෝ විවිධ භේද නිසා මුළු ගැන්වී සිටින දක්ෂයන්ට කල එළි බැසීමට අවස්ථාවක් හිමි වීම සැබවින්ම සැළකිය යුත්තකි. විවිධ තත්ත්වයන් තුළ ඉදිරියට ඒමට මඟ හෙළි කර ගැනීමට නොහැකි බොහෝ දක්ෂ පිරිස් ලංකාව තුළින් ඉදිරායට ගෙන යාමට මෙය රුකුලක් කර ගැනීම අපට තව දුරටත් අගය කළ හැකිය. තවද ඒ ඒ ක්ෂේත‍්‍රයන්ට ආධුනිකයන්ව හදුන්වා දීම තුළද ලංකාවට හිමි වන වාසි බොහෝමයකි.නූතන කලාවේ පවතින තරඟකාරිත්වයට ආධුනිකයන් හුරුවීම නිසා ද නව නිර්මාණ ගුණාත්මකව , පිරිපුන් ආකාරයෙන් එළි දැක්වීමට අවස්ථාව උදා වේ. ඒ ඒ ක්ෂේත‍්‍රය තුළ පවත්නා අධිපතිත්වය බිඳ වැටී නව තරුණ පරම්පරාවක් බිහි වීම හරහා ද ලංකාවේ කලාත්මක නිර්මාණ ලෝකයට දායාද කළ හැකිය. පොදු මහඡනතාව කලාවට ලොල් වීම ද මේ හරහා සිදු වන අතර , පේක්ෂක ඡනතාව වැඩි වැඩියෙන් නව නිර්මාණ ඇසුරු කිරීමේ ප‍්‍රවණතාවය ද ඒ සමඟම දැක ගත හැකිය. මේ සිල්ලම අභිබවා නව අදහස් සහිත නූතන පරම්පරාවට ඔබින නිර්මාණකරුවන් කළ එළි බැසීම ද , ඔවුන්ගේ දෑසින් නව ලෝකයේ විස්මිත දේවල් ඡනතාව අතරට ගෙන ඒම ද සිදු වනු දැක ගත හැකිය.

කෙසේ වුවද මෙබදු වැඩසටහන් වලින් සමාඡුයට විටෙක අහිතකර බලපෑම් ද සිදු විය හැකි බව මතක් කළ යුතුය. වර්තමානය වන විට අපට දැක ගත හැකි වන්නේ ද මේවායින් වන යහපත් ප‍්‍රතිඵල වලට වඩා නිස්සාර වූ අයහපත් ප‍්‍රතිඵලය.විදේශීය වැඩසටහන් අනුකරණයෙන් මෙම වැඩසටහන් නිෂ්පාදනය කෙරෙන බැවින් දේශිත්වයට කෙතරම් ඔබින්නේ ද? යන ගැටඵව අද වන විට උග‍්‍ර වී පවතී. විදේශයී වැඩසටහන්ගෙන් ආභාසය ලැබූ මෙබදු වැඩසටහන් වල බොහෝ විට දේශීය ලකුණු සොයා යෑම නිෂ්ඵල කාර්යයක් ද වේ. මෙම වැඩසටහන් ලංකාවට උචිත සේ දේශීය ආරකින් නැවත ප‍්‍රති සංවිධානය කරන්නේ නම් මීට වඩා සාරයක් මෙකී වැඩසටහන් වල ගැබ් වනු ඇත.අනෙක් අතට මෙම වැඩසටහන් වලින් සොයා ගත් දක්ෂයින් අදාල ක්ෂේත‍්‍රයන්හි කි‍්‍රයාත්මක වන්නේද යන ගැටඵව පැන නැගී ඇත.එමෙන්ම මෙහි පවත්නා අහිතකර ප‍්‍රතිවිපාකයක් ලෙස ඒ ඒ රූපවාහිනී නාලිකාවන්ගේ හා වෙළඳ සමාගම් වල සම්මුතීන්ට නීත්‍යානූකූලව බැදෙන්නට සිදුවීමෙන් අංකුර නිර්මාණකරුවන්ගේ නිදහසට බාධා එල්ල වීම ද පෙන්වා දිය හැකිය.මේ හරහා නිර්මාණකරුවන්ට පෞද්ගලිකත්වයක් නොමැතිව යන අතර විවිධ සීමා හා බාධාවන්ට යටත්ව කලාවට දායක වීමට ද සිදු වේ.

තවද, මෙම වැඩසටහන්හි විනිශ්චය පිළිබඳව ද ගැටළු රාශීයක් පවතී.අපක්ෂපාතී ලෙස නොව වෙනත් පටු පරමාර්ථ වලට යටත්ව විනිශ්චයන් දීමට විනිශචකරුවන් පෙළෙඹී තිබෙන අතර ඒ ඒ ක්ෂේත‍්‍රයන්හි නිපුණ පුද්ගලයින් විනිශ්චකරණයට නොකැදවීම ද මේ හරහා දැකිය හැකිය.එපමණක් නොව , මෙහිදී බිහිවන අංකුර නිර්මාණකරුවන් විශේෂයෙන්ම ළමයින් සිය දක්ෂතාවයන් පිළිබඳ හීනමානයකට ගොදුරු වීම ද උග‍්‍ර වී පවතින ගැටළුවකි.තවද දුරකථන කෙටි පණිවිඩ මගින් දක්ෂයන් තේරීම ද එතරම් ඡුන ප‍්‍රසාදයට හේතු වූවක් නොවේ.මේ ක‍්‍රමය මගින් දක්ෂතාවය නොව ජනප්‍රියතාවය ඉස්මතු වන අතර, බොහෝ නිර්මාණකරුවන් මේ හරහා හීනමානයකට ගොදුරු වීම ද ඛේදවාචකයකි.

මෙබඳු වැඩසටහන් වල සත්‍ය අරමුණ වන්නේ සිය නාලකීයාවන් පවත්වාගෙන යාම හා විශාල ලාභ ඉපයීමයි.එම අරමුණ ඉටුවන සීමාව තුළ මෙම දක්ෂයින් තේරීමේ කටයුත්තෙහි රූපවාහිනී නාලකි ා කි‍්‍රයාත්මක වෙයි. ඒ සඳහා බහුඡුාතික සමාගම් මූල්‍ය ආධාර, උපකාර කරන අතර ඔවුන් සත්‍ය වශයෙන්ම කරනුයේ රටේ අංකුර නිර්මාණකරුවන් සිය වෙළඳ අරමුණු වෙනුවෙන් භාඡුනය කිරීමයි.විශේෂයෙන්ම මේ බව දැක ගත හැකි එක් අවස්ථාවක් ලෙස තරුණියන් ‘‘සුපර් ස්ටාර්ලා’’ නොකිරීම පෙන්වා දිය හැකිය.කෙතරම් දක්ෂ හා හැකියාවන්ගෙන් අනූන තරුණියන් මේ තරඟ වලට ඉදිරිපත් වුවද, ඔවුන්ව නොතකා හරිමින් අදකෂ වුවද තරුණයන්ටම එම අවස්ථාව උදා කර දීම හරහා ගම්‍ය වන්නේ මෙම නිර්මාණකරුවන් තම වෙළඳ අරමුණු වෙනුවෙන් භාවිතයට ගැනීමය.තරුණියන්ව නොතකා හැරීම පමණක් නොව වැඩිහිටියන්ව ප‍්‍රථම වටයෙන්ම ප්‍රතික්ෂෙප කිරීම ද මේ බව මනාව පෙන්වා දෙන කරුණක් වන්නේය.එපමණක් ද නොව විවිධ කායික දුබලතාවයන්ගෙන් යුතු දක්ෂයින් ඉවත් කිරීම ද ඔවුන්ගේ මෙම අරමුණෙහි පවත්නා පටූත්වය පෙන්නුම් කර පෙන්වයි.

මේ සමාඡය දෙස බැලීමෙන් පෙනී යන්නේ සැබවින්ම දක්ෂයන් පසුපස රූපවාහිනී නාලිකා හඔා යන්නේ ද? යන ගැටළුවයි. දක්ෂයාට නියම තැන ලබා දී ඔවුන් ලංකාවේ අනාගත කලා අභිව්‍යුර්ධිය සඳහා යොදා ගන්නේ නම් පෞද්ගලික නාලිකා වලට වුව මහත් වූ වටිනාකමක් හිමි වන බව ප‍්‍රකාශ කළ හැකිය. රූපවාහිනී මාධ්‍ය වලට ඡනතාව අතර රැදෙමින් චිරාත් කාලයක් වැඡඹීමට ද මෙය සාර්ථකව යොදා ගන්නේ නම් මැනවි.

දර්ශනී මධුවන්ති

පේරාදෙණිය විශ්ව විද්‍යාලය