ඇත්තටම බලයේ ඉන්න ඕන පෙහොට්ටුවේ අය විතරද?

0

ප්‍රාදේශිය දේශපාලනය හා ජාතික දේශපාලනය නිවැරැදිව හදුනාගෙන මේ ආණ්ඩුව පෙරලීමට හැකි හැමවිටම ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මහරගාම් නගර සභාවට බයිසිකලය ලකුණින් තරගකොට තේරි පත්වී ඉල්ලා අස්වූ නාගරික මන්ත්‍රිවරියන් ගේ පුරප්පාඩු සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරියන් 6 දෙනෙකු දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

“විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන බයිසිකලයෙන් ඉල්ලපු කණ්ඩායමට ඉල්ලා අස්වෙලා මේක ඇත්ත වශයෙන්ම හිමිවිය යුතු අයට ලබා දීම ගැන. අපිත් එක්ක එන අය ප්‍රතිකේෂ්ප කරන්න මම සූදානම් නෑ. ප්‍රාදේශිය දේශපාලනයේ හා ජාතික දේශපාලනයේ වෙනස හඳුනාගෙන කටයුතු කරන්න ඕන ගොඩාක් දෙනෙක්. මේ ආණ්ඩුව පෙරලන්න, මේ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් හැම අවස්ථාවේදිම අපි කැප වෙන්න ඕන. අපි ඒකට ප්‍රායෝගික වෙන්න ඕන. අද තියන තත්ත්වය අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන. 118ට එන මේ චෝදනා එක්කම මේක විසුරුවන්න ඕන.” හිටපු ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියා.

අලුතෙන් පත් වූ මන්ත්‍රිවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස විරෝධය දැක්වූ අතර එයට විරෝධය දක්වමින් හිටපු නාගරික මන්ත්‍රිවරු පිරිසක් ක්‍රියා කිරීමත් සමග මහරගම නගර සභාවේ මාසික සභාවාරය උණුසුම් වූ අතර ඝණ පූර්ණය නොමැති වීම නිසා සභාවාරය කල් දැමීමට ද කටයුතු කරන ලදි.

කෙසේවෙතත් මහරගම නගර සභාවේ සභාපති ලකෘවන් පියරතන සඳහන් කළේ මේ වන විට බයිසිකලය ලකුණ යටතේ තේරි පත්වූ මන්ත්‍රිවරුන් 25 දෙනාගෙන සභාපති හා උපසභාපති හැර සෙසු අය මේ වන විට ඉල්ලා අස්වී ඇති බවත් එම පුරප්පාඩු සඳහන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් ඉදිරියේදි පත්වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here