ආප්ප තියරිය ඉගන ගෙන ඉන්නේ අන්තිම වෙනකම් ජනපති අපේක්ෂකයා ගැන කට හොල්ලන්නේ නෑ…!

0

2020 දි ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරු ඉදිරිපත් වුවත් ඔහුට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

ඊයේ (07) නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් මේ බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.

“2020 ජනාධිපති අපේක්ෂක වශයෙන් ගෝඨාභය මහත්මයාගේ, බැසිල් මහත්මයාගේ, චමල් මහත්මයාගේ, මෛත්‍රිපාල මහත්මයාගේ, නම් කියැවෙනවා. කවුරු ඉල්ලුවත් රනිල්ට එරෙහිව ඡන්දයට එනවා නම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමාගේ ආශීර්වාදය ගත යුතු වෙනවාමයි. රාජපක්ෂ පවුලෙන් චමල් රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියලා වාසුදේව නානායක්කාර මන්ත්‍රිතුමා කියනවා. ජනාධිපතිවරණයකදී හදන කේක් එක බටර් එකක් නෙවෙයි.”

“මුස්ලිම් ඡන්ද, දෙමළ ඡන්ද ආදී අයිසින් ටික ගන්න පුළුවන් හොඳම කෙනා තමයි චමල් රාජපක්ෂ. ඒක තමයි මගෙත් අදහස.නමුත් රාජපක්ෂ පවුලේ නොවන අපේක්ෂකයකු නම් ඒ කෙනාට තිබෙන ඉල්ලුම සහ එම පවුලට පිටින් ඉදිරිපත් වූ කෙනාට තිබෙන ඉල්ලුම ජනාධිපතිවරණය ළං වෙලායි බලන්න ඕන. දැන්මම ජනාධිපති අපේක්ෂකයකු හෙළිදරව් කළහොත් නැති මඩ ගහන්න පටන් ගන්නවා. මහින්ද රාජපක්ෂ – මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉගෙන ගත්තු පාඩම තමයි අන්තිම මොහොත වෙනකම්ම ආප්ප කාලා යනකම්ම ඉන්න ඕන කියන එක.”

“දුමින්ද දිසානායක මහත්මයා කියනවා 2020 ජනාධිපතිවරණයටත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යුතුය කියලා. නමුත් එජාපය කියනවා ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා. එතකොට දුමින්ද දිසානායක මන්ත්‍රිතුමා කියන විදියට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊළඟ පාර ජනාධිපති තනතුරට එනවා නම් හොඳයි. හැබැයි එන්න ඕන ඔසී අබේගුණසේකර වගේ ජනාධිපති අපේක්ෂකයකු වීමේ අදිටනින් පමණක් නෙවෙයි, ජනාධිපති වීමේ අදිටනින්මයි. දුමින්ද දිසානායකලා මේ හදන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්මයාව ජනාධිපති කරවන්න නෙවෙයි. ඔසී අබේගුණසේකර කරපු වැඩේ කරන්න. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ඔසී අබේගුණසේකර මහත්මයා කරපු ගොන් වැඩේ කරන්නේ නැහැ කවදාවත්.”

Dilan Perera