දයාසිරි, සුජීව……., ඊලඟට කවුද…..?

0

2015.08.24 දින සිට 2016.03.31 වන දින දක්වා කාලය අතරතුරදී අවස්ථා තුනකදී මෙන්ඩිස් සමාගම රාජ්‍ය අමාත්‍යවරයෙකු වෙත ලක්ෂ 30 ක මුදලක් ලබා දී ඇති බවත් එම අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින් විසින් එම චෙක් පත් මාරුකර බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් වෙත දැනුම් දුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නම් සඳහන් නොකරමින් පෙන්වා දුන් එකී රාජ්‍ය අමාත්‍යවරයා සුජීව සේනසිංහ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් රුපියල් මිලියන තුනක මුදල් චෙක්පත් ලබාගත් රාජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවද එහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරයේ සෝදිසි වරෙන්තු නියෝගය පරිදි පසුගිය 30 වැනිදා සිට පුරා දින හතරක් පරපචුවල් ටේ‍රෂරීස් සමාගම් කාර්යාලය පරීක්ෂා කිරීමේදී විමර්ශනවලට ඉතා වැදගත් පර්යේෂණීය සාක්ෂි හා ‍ලේඛන රැසක් හමුවී ඇතැයිද පෙන්වා දුන්නා.

මේ අතර පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමකින් රුපියල් මිලියන එකක මුදල් චෙක්පතක් ලබාගත් බවට තොරතුරු අනාවරණය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතත් මේ දක්වා පැමිණ නැතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here