TNLඑකක් කියනවා…..,TRC එකක් කියනවා…..කවුද ඇත්ත කියන්නේ….?

0

ටී.එන්.එල්. ආයතනයේ ‍පොල්ගහවෙල විකාශනාගාරයේ උපකරණ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම සහ ටී.එන්.එල්. සභාපතිවරයා පරස්පර විරෝධී කරුණු දක්වන බැවින් නිවැරදි තොරතුරු සොයා බැලීමට තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පවසනවා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදි අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

” ටී.එන්.එල්. රූපවාහිනියේ ‍පොල්ගහවෙල විකාශනාගාරය සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ අයුරින් කටයුතු කළේ ඇයි කියලා ඒ අය තොරතුරු එවා තිබෙනවා. ඒ සමගම ටී.එන්.එල්. රූපවාහිනී ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ ගැන ලිපියක් එවා තිබෙනවා. මේ තොරතුරු දෙක අතරේ පරස්පරයක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන හරිහැටි තොරතුරු සොයා බැලීමට අප තීරණය කළා. මේ අය හෙට අනිද්දා වෙනකොට නීති ක්‍රියාමාර්ගවලට යොමු වනවා කියලත් තමාට ආරංචි වෙනවා”