20න් හැදෙන ජනපති සංක්‍රාන්තික ලිංගිකයෙක් වගේ….

0

20 වෙනි සංශෝධනය යටතේ පත් වීමට නියමිත ජනාධිපති නාමමාත්‍ර ද වන නාමමාත්‍රද නොවන බලයක් හිමි පුද්ගලයෙක් බවට පත් වනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සඳහන් කරනවා.

ඊයේ (07) මහජන පුස්තකාලයේ පැවති රටට හතුරු 20 එපා!’ විරෝධතා ජනසමුළු මාලාවේ පළමුවැන්න අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

“ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියලා තමයි වැඩේ පටන් ගත්තේ. හැබැයි මේ රටේ මහා සංඝරත්නය හා ජන බලවේග වලින් ආපු විරෝධය නිසා ඒක අකුල ගන්න සිද්ධ වුණා. එයා මහජන ඡන්දයෙන් තේරි පත්වෙන කෙනෙක් නෙමෙයි. එයා දේශපාලන පක්ෂයක නායකයෙක් නෙමෙයි. නිකම් හිතන්නකො ඇලෝසියස්, එයා 118 දෙනෙක්ට පගාව දුන්නා. දැන් මම දැක්කා ඊයේ පෙරේදා දවසක ලක්ෂ 275ක් වියදම් කරලා රූපලාවණ්‍ය ශිල්පියෙක් උපන්දින සාදයක් තියලා තිබුණා. උපන්දිනයට ලක්ෂ 275 වියදම් කරනවා නම් ජනාධිපති වෙන්න ලක්ෂ කීයක් වියදම් කළත් කමක් නෑනේ. ඕන නම් ඒ රූපලාවණ්‍ය ශිල්පියාට පුළුවන් ජනාධිපති වෙන්න. ඔය අනුර කුමාර දිසානායකම කියලා තියනවා නේ ඔය කුකුල්ලු හරක් විකුණෙනවා වගේ විකිණෙන අයනේ මේ 225 ඉන්නේ කියලා. ඒ 225 දෙනවා රටේ ජනාධිපති තෝරන්න. එයා නාමමාත්‍රත් නෑ. නාමමාත්‍ර නොවන්නෙත්නෑ . ජනාධිපති රාජ්‍ය නායකයා නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා නෙමෙයි. හැබැයි දෙනවා හමුදාව ජනාධිපතිගේ යටතට. සංහිදියාව ජනාධිපති යටතට, පළාත් සභාව ජනාධිපති යටතට. මේ ජනාධිපති විධායක නෑ. නිකම් කෑලි ටිකක් එල්ල ගත්ත ජනාධිපති කෙනෙක්. නාමමාත්‍රිකත් නෑ. ඒක හරියට අර සංක්‍රාන්තික ලිංගිකයෙක් වගේ. හමුදාවයි, සංහිදියාවටයි, පළාත් සභායි විතරක් අයිති ජනාධිපති කෙනෙක් නම් ඒ ජනාධිපතිගේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයා කොහොමද පළාත් සභාවේ විධායක බලය පවත්වාගෙන යන්නේ. එමගින් ස්වාභාවිකව ආණ්ඩුකාරවරයා බෙලහීනකරලා නැද්ද? ඒ හරහා පළාත් සභාවට නිදහසේ හැදෙන්න ඉඩකඩ සලසලා නැද්ද?”මන්ත්‍රිවරයා පවසා සිටියා.